අන්තර්ජාලයේ ශ්‍රී ලංකාව

Develop Sri Lanka with Information Technology

තොරතුරු තාක්ෂණය පැත්තෙන් රටක් දියුනු කරනවාය කියන්නේ මොකක්ද? මෙය පැති කිහිපයකට පෙරල පෙරලා බැලිය හැකි නොයෙක් පාට උත්තර දෙන්නට පුළුවන් විදියේ ප්‍රශ්ණයකි. එනම් රුබික්ස් කැ‍ටයක් මෙන් ප්‍රශ්ණයකි. රුබික්ස් කැටයේ ප්‍රශ්ණය විසදන හැටි අපි දනිමු. ඝණකයේ පැති හයටම එහි ඇති පාට පැමිනිය යුතුය, නොගැල පෙන්පාට නොගැල පෙන පැතිවල නොතිබිය යුතුය. නැවතත් අපේ මුල් ප්‍රශ්ණයට ගියොත් තොරතුරුතාන්ෂණයෙන් රට දියුනු කරන්නට මේ මේ දේවල්ය යන නොයෙක් කතා අතර එකගතාවක් සම්මුතියක් තිබිය යුත්තේය. නැත්තේද එයයි. දේශපාලුවන්ගේන පටන්ගෙන යන්තම් අනං මනං දන්නා අය හරහා විද්වතුන් තෙක් කවුරුත් තොරතුරුතාක්ෂණ සංවර්ධනයේ ක්‍රමය ගැන කියන කතාවලින් රුබික්කැටයේ ගැටණන නිසදන්නේ නැත. හරිහමන්උත්තරයක් සොයාගත යුත්තේ එනිසාය. මේ ප්‍රශ්ණයට හරහමන් උත්තරයක් සොයාගත හැකි හොද නිර්ණායකයන් ලගදි අපට අහන්නට ලැබුනි. ඒ එක්සත් ජාතීන්ගේ දැනුවත් සමාජයක් උදෙසා වන ලෝක සමලුවෙ ප්‍රකාශකයකිනි. ටියුන්ස් එජෙන්ඩාව (Tunes Egenda for infirmation society) නම් ප්‍රකාශණයෙන් පෙන්වා දෙන්නේ ලෝකයේ ඕනෑම සමාජයක් තොරතුරුතාක්ෂණය අතින් දියුනුවෙන්වාය කියන්නටනම් මූලික පැති හතරක් සම්පූර්ණවිය යුතුය.ඒවා මෙසේය.
  1. සියලු මහජනයාට දැරියහැකි සාධාරණ මිලකට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවේශය ලබාගත හැකි විය යුතුය. පරිගණක මතුනොව අන්තර්ජාල සබදතා ජංගම දුරකතන සහ සැටලයිට් සබදතා යනාදිය සියලුදේ රටේ හැටියට ලබා දිය යුතුය කියායා මේ කියන්නේ.
  2. රටේ හැමනිවසක්ම තොරතුරු තාක්ෂණ උපාංග වලින් සම්පූර්ණ විය යුතුය. පරිගණක, රූපවාහිනී, සහ ඒවාට සම්බන්ද සුලුපන්නයේ උපාංග ගෙවල්වල තිබිය යුතුය.
  3. සෑම පුරවැසියෙක්ම ජංගම ඩිජිටල් උපාංග පාවිච්චි කල යුතුය. ජංගම දුරකතන විතරක් නොවේ ලැප්ටොප් පරිගණක ඩිජිටල් උපාංග මෙන්ම ජීපීආර්එස් උපාංගද මේවාට අයත්ය.
  4. සියලුම මහජනයා අදිවේගී අන්තර්ජාල සමබන්දතා වලින් ප්‍රයෝජන ලැබිය යුතුමය.
මේ සියලු ඩිජිටල් සැප සමපත් විදින මහ ජනයාට කියන්නේ ඩිජිටල් වාසනාවන්තයාය කියාය.යම රටක සායලුම මහජනයා මේ වාසනාව අත්විදින්නේනම් එරට ඩිජිටල් වාසනා අංකය සියයට සියයකි. නැත්නම් ඒ ආසන්න ඉහල අගයකි. මේ වාසනා අංකය කෙසේ වෙතත් මේ අර්ත දැත්විම හොද නිර්ණායකියක් බව දැන් ලෝකයා පිලිගනී.එය ආප් කතාවට ඈදා ගන්නේ අපේ රට තොරතුරු තාක්ෂණයෙන් දියුනුකරණවා නම් එය කලයුතු උතුරු දිශාව පෙන්වීමටය. මේ දිශාව බලාාගන ගියෙත් වරදින්නේ නැතිබව කියන්නට කෙස් පැලෙන තර්ක ඕනෑ නැත.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"