ඇඩ්සෙන්ස් කරනා අයට හිතන්නට යමක්...




වර්තමානයේ අපේ ගොඩක් අය ඇඩ්සෙන්ස් කරනවා. ඒවගේම අපි Google කියන නමට වඩා Ad sense කියන  නම බාවිතා කරනවා. ඒ නිසා මම මෙහි ඇඩ්සෙන්ස් සමාගම කියලා නම බාවිතා කරනාවා(දන්නෝ දනිති). ඇඩ්සෙන්ස් තලදි කලයුතු නොකල  යුතු  දැ පිලිබදව අමුතුවෙන්ම කියන්නට දෙයක්  නැහැ. නමුත් තවමත් යම් යම් දෙවල් සම්බන්දව ඇති සැල  කිල්ල ඉතාමත් පහල මට්ටමක පවති. ඇඩ්සෙන්ස් වලදි අපට මසකට ලොකු ගානක්  සොයන්න පුළුවන්. නමුත් මේ කතාව බොහෝ දෙනෙකුට සාධාරණ  නැහැ. අපි රැකියවක් ගත්තත්  ලොකු ගානක් හොයන අය ඉන්නවා. නමුත් හැම කෙනෙකුටම ලොකු ගානක් එම රැකියව තුලින්ම හොයන්න බැහැ. පරිගණක අලෙවි අංශය ගත්තොත් පරිගණක අලෙවිය අතින් සහ ඒ ආශ්‍රිත රැකියා වලින් කෝටපතියන් වෙච්ච  අය ගොඩක් ඉන්නවා. නමුත් පරිඝනක කඩ දමලා ඒවා බංකොලොත් වෙලා බදු ගෙවන්න විදුලි බිල ගෙවන්නවත් බැරිව ඒවා වසා දමපු ගොඩක් අය ඉන්නවා.  එම නිසා පරිඝණක අලෙවියෙන් කෝටි  ගණන්  ඉපයිය හැකිය යන්න කාටත් සාධාරණ කතාවක්නොවේ. ඒ අනුව  ඇඩ්සෙන්ස් දෙස බැළුවොත් ඇඩ්සෙන්ස් තුලින් අසිමිතව උපයන්න නැත්නම් මසකට ලක්ෂයක් උපයන්න වගේව ඉතා සිමිත පිරිසකට වලංගු කතා. නමුත් මම කියන්නේ නැහැ ඇඩ්සෙන්ස් අසාරතකයි කියා එය ඉතාමත් සාර්තකයි. අපි හැම කෙනෙකුටම ලොකු ගානක් හෙයන්න බැහැ. අපි සාමාන්‍ය පඩියකින් සැහිමකට පත්විය යුතුයි. මොකද කෙනෙකු තමන් වැඩකරනා ආයත‍නයේ බොස්ට කමන්ගේ පඩි වැඩි කරන්න කිව්වට ඒ ගැන  අහන්නේවත්  කියෙන් කිදෙනාද.. බොහොවිට එය  ගනන් ගන්නේ වත් නැත.  එසේම අප  එම ආයතනයට ඉතාමත් උසස් සෙවයක් කරමින් ඉහල ආදායමක් උපයා දෙනවානම් ආයතන ප්‍රදානියා අපේ පඩිය වැඩිකිරිම ගැන හිතා බලා එය කරයි. මොකද අපෙන් එම ආයතනයට ලොකු ආදයමක් ලබා ගැනිමට සහාය වෙනනිසා. 

ඒ අනුව ඇඩිසෙන්ස් දෙසබැලුවොත් කිසිවෙනසක් නැත. අප විසින් ඇඩ්සෙන්ස් සමාගමට ලොකු ආදායමක් උපයා දුන්නොත් අපටත් ඉන් 20%ක් 30% වගේ ගෙවයි. ඒ අනුව අප හැමවිටම සැල  කිලිමත්විය යුත්තේ අපේ ඇඩ්සෙන්ස් ආදායම වැඩැ කරගැනිමට නොවෙයි. අප විසින් ඇඩ්සෙන්ස් සමාගමට ආදායමක් උපයා දිමටයි.   ඒ කියන්නේ ඔබ ඇඩ්සෙන්ස් දැමු වෙබ් අඩවිය පබ්ලිෂ්  කිරිම තුලින ප්‍රථමයෙන්ම බලාපොරොත්තු විය යුත්තේ ඔබේ ආදායම වැඩිකර ගැනිම නොවෙයි.  ඇඩ්සෙන්ස් සමාගමමේ ආදායම වැඩිකර දිමයි.  ඒ අනුව අපෙන් ඇඩ්සෙන්ස් සමාගමට ලැබෙන ආදායම වැඩිවෙන‍කොට අපි ඒයට අත්‍යාවශ්‍ය සහ ඵලදායි සෙවකයෙක් වෙනවා. එතකොට අපට ගෙවන  වැටුප පිලිබදව වගෙම අපේ වැටුප සදහා බලපාන ගොඩක් දෙවල් කනවා. ඒවා පහත දැක්වේ...

අපි high paying keywords දැම්මත් පළමු මාස 1 සහ 2 ඇතුලත ඇඩ්පෙන්වන්නේ  high paying keywords සදහා අදාල ඇඩ්නොවේ....  ඒ තුලින් ඔවුන් අපේ පළමු සම්මුඛ පරික්ෂණය කරනවා. එනම් අපි ඇඩ්සෙන්ස් සදහා serious ද කියලා බලනවා...

අපි ඇඩ්සෙන්ස් සදහා serious  නම් මිලග මස සිට අපේ වෙබ් අඩවිය නැවතත් බලා දෙවන  සම්මුඛ පරික්ෂණය කරනවා. මේක තමයි  වැදගත්ම  එක... මේකත් කො‍‍හොම හරි ගොඩ දාගත්තොත් අපි ගොඩ. එනම් මෙහිදි අපේ වෙබ් අඩවිය හොදනම් සහ high paying keywords compatible නම් අපේ වෙබ් අඩවියේ high paying keywords සදහා ඇති ඇඩ්ස් දමනවා ඒ වගේම එක කිලික් එකකට ලොකු ගානක් ලබාදි අපි ඇඩ්සෙන්ස් සමාගමේ හොද සෙවකයෙක් ලෙස බදවා ගැනිම ඇත්තටම සිදුවන‍්නේ එතකොටයි. එහෙනම් පළමු මාස 1ක 2ක තුල  කරන්නේ අපි  තාවකාලික සෙවකයෙකු ලෙස තබා ගැනිමයි. Trial Period එක තමයි ඒ ගෙවන්නේ...

ඉතුරු ටික මිලග ලිපියෙන් බලා පොරොත්තු වන්න...

Comments

  1. hoda Post.. Plz contact me...
    dharshamal1994@gmail.com

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"