ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්



ඇඩ්සෙන්ස් වල සිකුරිටි වලින් බේරිලා ඉන්න ක්‍රම කිහිපයක්

මෙම ලිපිය කොටස් දෙකකට පල කරයි.
වර්තමානයේ ගොඩක් අයට ඇඩ්සෙන්ස් ගිණුම් තියනව‍ා. ඒත් ගොඩක් අය නොසිතන විදියට ඒව අහමි කරදමනවා. ඇත්තටම අපේ අයට සිද්ද වෙන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඒත් ඔය අතරේ ටිකදෙනෙක් කිසි අව්ලක් නැතිව බාවිතා කරනාවා.. මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ ඇත්තටම ඇඩ්සෙන්ස් වලදි අපෙන් සිදුවන වැරදි සහ අපේ යාළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුම්වලට කරන බලපැමයි..  

වර්තමානයේ ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගන්න හරිම අපහසු බව කවුර්ත් සන්න දෙයක්නේ..  මේ තත්වය උපයෝගි කරගෙන ඒයින් උපයන අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්සෙන්ස් ගිණුමක් රු 2500කට හෝ 2000කට වගේ දැනට අලෙවි වෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. මමත් රු 1750කට එකක් හදෝගත්ත.. දෙයියන්ටම ඔප්පු වෙච්චාවි ඒක දවස් 3යි තිබුනේ. මෙන් කියලා ඩිසේබල් කොරලා දැම්මා. අපරාදේ රු1750ක්.. මොනව කරන්නද ඉතින්.  ලිදේ වැටුන මිනිහා ලිංකටින්ම ගොඩ එන්න එපායෑ.. මට පස්සෙදි හිතුනා අපරාදේ කියලා.  ඒ වගේ කාගෙවත් පස්සෙන් නොගිහින් අපට ඇඩ්සෙන්ස් ගන්න ක්‍රම තුනක් මම දන්න තරමට තියනවා.
ඒවා නම්..
1 හොද වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් හදා එය ඇඩ්සෙන්ස් පොලිසි එකට ගැලපෙන්න හදා ගත්තාට පස්සේ ඒකට ඇඩ්සෙන්ස් ගන්න එක..
2 වෙන් ආදායම් බෙදාගන්න වෙබ් අඩවි මගින් ඇඩ්සෙන්ස් ලබා ගැනිම.. තව ඒවා ඇති මම දන්නේ මේ දෙක. තව ඒවා තියනවා නම් කමෙන්ට් වල දමන්න..

A. http://www.indyarocks.com මේක ගැන ඉතින් දන්නවනේ.. මේකෙන් ඇඩ්සෙන්ස් ගත්තම එම ඇඩ්ස් ඒකේ අපි හදන බ්ලොග් එකේ අපේ ඇඩ් පෙන්නවා. මෙහිදි ඇඩ්සෙන්ස්  ඉල්ලන්න කරන්න තියන ටික ෂො‍ට් ඇන්ඩ් ස්වීට් විදියට කිව්වොත්
1 ඔබේ ප්‍රොෆයිල් එක 75%ක් විතර සම්පුර්ණ කරන්න. ඔය මොනව හරිදමලා එකනම් කරන්න පුළුවන්.
2 පින්තුර 10ක් අප්ලෝඩ් කරන්න . සිම්පල්
3 බ්ලොග් පෝස්ට් 2කට වැඩියෙන් දමන්න..   එච්චරයි..  දැන් එහි තිබෙන ලින්ක් එකෙන් ගිහින් ඇඩ්සෙන්ස් සදහා ඉල්ලන්න.. මේවැඩ ටික මම කරා. මට මේක ලියද්දි මතක හැටියට දැම්මේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ලොකු වෙනසක් නොවෙයි.

මේක නම්මට මුලින්ම අහු වුනේ ඉන්ග්ලිෂ් බ්ලොග් එකකින්.  මේකට ගිහින් ලියාපදිංචි වෙලා ඔයාගේ ලග තිබෙන ඩොකුමන්ස් ටිකක් මේකේ තියන නිති රිතිවලට අනුව අප්ලෝඩ් කරලා මේ හරහා ඇඩ්සෙන්ස් සදහා ඉල්ලුම් කරන්න පුළුවන්.  

මේ දෙකේදිම ඔබේ ඊමේල් ගිණුම් වෙරිෆයි කරලා, ඒ වගේම  ඇඩ්සෙන්ස් එවන ලින්ක් එකෙන් ගිහින් ඒ ෆෝම් එක පුරවන්න. හැබැයි ඉතින් අපේ වෙබ් සයිට් අනං මනං ඕනේ නැ. ඒක නිසා ඒපැත්තෙන් කියන ටොප් ලෙවල් ඩොමේන් කතාවයි.  යුනික් ඔරිජිනල් කන්‍ටෙන්ට් කතා ටිකක් අඩුයි.. ඒත් හැබැයි අපේ කන්ටෙන්ට් වලට ඇඩ්සෙන්ස්ලා ප්‍රශ්න දමන අවස්තා නැතිව නෙවෙයි. මේක සිම්පල් වැඩක් කියලා හිතන්නම එපා. ඒත් කියන තරම් යකා කළුත් නැහැ.


ඔය විදියට තමයි ඇඩ්සෙන්ස් ගන්න තියෙන්නේ. තවත් ආදායම් බෙදා ගන්නා අඩවි හෝ වෙනත් ක්‍රම තියනව නම් කමෙන්ට් විදියට දමන්න. ඒක ගොඩක් පිනක් අපේ මිනිස්සු සල්ලි වියදම් කරන හැටියට මේ ගිණුමක් සදාගන්න.  

හරි කොහොම හරි ඇඩ්සෙන්ස් ගිණුමක් ගත්තා කියමු. ඊලගට මේක ගැන ඇඩ්සෙන්ස්ලා හොදට ඇහැ ගහගෙන ඉන්නේ. පුදනකොටම කාපි යකා කියලා ගිණුම ඩිසේබල් කරනවා. ගොඩක් වෙලාවට. හැමවිටම නැහැ. ඒකටත් හේතු තියනවා.  එකක් විදියට අපි මේවන විටත් අපේ විස්තර ඇඩ්සෙන්ස් බ්ලැක් ලිස්ට් එකට දමලා තියනව නම් එම විස්තර ඇති ගිණුම් බාවිතා කරන අයිපි ලිපින සහ පරිගණක මොනවාද යන්න ගැන අවදානයක් යොමුකරගෙන සිටිනවා.  අපි එම බ්ලැක් ලිස්ට් ගිණුම් බාවිතා කරන අයිපි සහ පරිගණක වලින් අළුත ඇඩ්සෙන්ස් ගිණුමට ලොග් වෙනවා නම් ඒ විස්තර සහ අපේ විස්තර හොදට කම්පෙයා කරලා බලලා ඒ සදහා පියවර වශයෙන් ගිණුම් නවත්වනවා.  ඒ කිව්වේ එකක්. එය තවදුරටත් පැහැදිලි කලොත් බ්ලැක් ලිස්ට් වෙච්ච ඊමෙල් ගිණුම් බ්ලොග්ගර් ගිණුම්  යූටියුබ් ගිණුම් සහ අනෙකුත් ගූගල් සේවාවන් සදහා ලොග් වෙන පරිගණකයෙන්ම ඒ අයි පි එකෙන්ම අපේ අළුත් ඇඩ්සෙන්ස් ගිණුමට දිගින් දිගටම ලොග් වුනොත් ඒබව ගුගල් හි Specialist ලා විසින් නිරික්ෂනය කොට නිගමනයකට එලබේ. එය ගිණුම් අත් හිටු විම විමට බොහෝ දුරට ඉඩ ඇත.  


මිලග එක තමයි අපේ සමහර අය ඇඩ්සෙන්ස් ගත්ත ගමන් එකට ඉතින් ඉම්ප්‍රෙෂන්ස් එපාය කියලා කස්ටිය ගෙන්න ගන්න යනාවා. ඉතින් අපිට ලේසි ලගම ඉන්න කට්ටිය ඉක්මනට ගෙන්න ගන්න එකනේ.  ඒ කිව්වේ අපේ සිංහලයන් ඉන්න ගෘප් එකකට හරි ෆොරම් එකකට හරි ගිහිල්ලා ඒවගේම සිංහල බ්ලොග් වලට ගිහිල්ල කස්ටියට එනඩ කියලා කමෙන්ට් ලින්ක්ස් දමනවා. ඉතින් ඔන්න අපේ කස්ටිය ඇවිල්ලා බැලින්නම් අපේ එකෙකුට ඇඩ්සෙන්ස් දිලා දිලා කිය කියා ක්ල්ක් කරනවා ඔක්කොම ඇඩ් එකපිට එක කලික් කරනවා.  මෙතනදි ක්ලික් කලාට කමක් නැහැ. කොහොමත් කිලික්ස් තමයි ඕන. ඒත් ඇඩ්සෙන්ස් දුන්න ගමන්ම ඇඩ්සෙන්ස් ලා හොද අවදානයක් එම ගිණුම් වෙත යොමුකරනවා. (ඒ කිව්වෙ ඉතින් පොඩි එකෙක් උනත් පොඩ් දවස්වල අපි හොද අවදානයෙන් බලා ගන්නවා නේ. වෙන කරන හැමදේම ගැන 100%ක් අවදානයෙන් අග සිට මුලටම බලනවානේ. ) මෙහිදි වෙබ් අඩවියට ප්‍රමානවත් විසිටර්ලා ප්‍රමානයක් නැතිව ක්ලික්ස් විශාලප්‍රමනයක් ලැබිම ඉන්වැලිඩ් කලික්ස් කයලා අපි දන්නවනේ. ඒකට මෙකවත් අහවෙනවා. එතකොට හිටු කියලා ඇඩ්සෙන්ස් Specialist ලා විසින් ගිණුමට ආයුබෝවන් කියනවා.  ඒක නිසා මම කියන්නේ ඇඩ්සෙන්ස් ගත්ත ගමන් අඩුම මාස 1ක් තියා ගන්න.  ඒකට ක්ලික්ස් දෙන්නම් එපා. එකපාරටම නෙමෙයි ඔයා උනත් ඔයවගේ ලොකු එකෙක් උනේ..  J ඒක නිසා ඇඩ්සෙන්ස්ලාගේ අවදානය අපෙන් ඉවත්වන තුරු සිටින්න. ඒ කිව්වේ අපි ඕන වැරදි වැඩක් කරන්නේ ගෙදරින් පැන ගත්තාමනේ. ඒ කිව්වෙ‍ අපි අපේ ලෝකයේ තනි වුනවෙලාවටනේ. ඒ නිදහස ඇඩ්සෙන්ස් ගිණුමට ලැබෙන කන් ඉන්න. එතකන් මෙන්න මේ ටික කරන්න ඔබේ සයිට් එකට.

බුක්මාක් තියන්න හොද බුක්මාක් සයිට් වලා. පිටරටවල අය එන.  ඒවගේ බුක්මාක් සයිට් 100කටත් වඩා තියනවා. ඒවා බාවිතා කරන්න.

ඒවගේම පිටරට අය එන ෆෝරම් වල ඩිජිටල් පොයින්ට් වගේ, ඒත් එකටම සිමා වෙන්න එපා. ඒවායේ ඔබේ සිග්නේචර් එක ලෙස වෙබ් ලිපිනය දමන්න. ඊට අදාලව කටයුතු කරන්න.

මීලට එම බ්ලොග් එකට අදාලව ඇති ඉන්ග්ලිෂ් බ්ලොග් අඩවි සොයා එහි රැන්ක් එක 1 සිට 10 දක්වා ඇති බ්ලොග් වල හොද කමෙන්ට් දමන්න. ලින්ක්ස් සමග



ලංකාවේ ෆෝරම් බ්ලොග් ගෘප් වල ඔබේ ඇඩ්සෙන්ස් ගත්තු ගමන් ලින්ක් දමන්න එපා. ඒ කිව්වේ එලකිරි ෆෝරම් එකේ ෆේස්බුක් එකේ හදාගෙන තියන ගෘප්වල සිංහල බ්ලොග්වල ඒවගේම ලංකාවේ අය ඉන්න ඉන්ග්ලිෂ්බ්ලොග් වල සින්ග්ලිෂ් වලින් කමෙන්ට් කරන්න එපා ලින්ක්ස් සමග. 

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"