කටුක අතිතය...

අද මම කියන්න යන්නේ මෙතෙක් මම සාදා ඇති වෙබ් අඩවි  සහ බ්ලොග් අඩවි පිලිබදව කෙටි හැදින් වීමකි.
ඇත්තටම මම බ්ලොග් කරනය පටන් ගත්තේ 2007 ඉදලා. නමුත් සියළු බ්ලොග් හෝ වෙබ් අඩවි එක දිගටම අප්ඩේට් කරන්න බැරිවෙන එක හැම වෙබ් මාස්ටර් කෙනෙකුටම වගේම බ්ලොග් රචකයකුටම තියන ප්‍රශ්ණයක්, එය එසේම මටත් තිබෙන ප්‍රශ්ණයක්..  ඇත්තටම මම මුලින්ම මෙම ‍බ්ලොග් සහ වෙබ්  අඩවි පටන්ගත්තේ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්නයි. මම ඇඩ්සෙන්ස් ගිණුම හදපු ගමන්ම එම පරිගණකයෙන්ම විනාඩි5න් පොඩි වෙබ් සයිට් එකක හදලා ඒක ඇඩ්සෙන්ස් වලට සබ්මිට් කලා එක දවසින් ඒක සදහා ඇඩ්සෙන්ස් ගිණුමක් ලබා දුන්නා. එදා ලංකාව ගැන ඇඩ්සෙන්ස්ලාට කිසිම අවබෝදයක් නොතිබි කාලයකයි එහෙම දෙන්න ඇත්තේ. නමුත් අද ... අද එහෙම බෑ ඇඩ්සෙන්ස්ලා දන්නවා ලංකාවෙන් ඇඩ්සෙන්ස් වැඩසටහනට නරක බලපෑම් වැඩි බව. එය තේරුම් ගත් දා පටන් ඇඩ්සෙන්ස් ලංකාවට දෙන්නේ හොදට හොයලා බලලා. ඒ තත්වය අදටත් එහෙමමයි.  දැන් අපි ඇඩ්සෙන්ස් ගන්න කොච්චර දුකක් විදිනවද. ඒ කරලාත් බැරිම තැන සල්ලි දීලා ඇඩ්සෙන්ස් ගිණුම් හදාගන්න තැනට අපි වැටිලා තියනවා. ඇත්තටම මමත් දක්ෂීණ ලංකා එකට රු1750ක් දුන්නා ඇඩ්සෙන්ස් ගිණුමක් හදලා දෙන්න කියලා. ඒක සතියක්න් දෙනවා කිව්වා. ඒක එනකන් බලන් ඉන්නවා. මම මේ හැම එකටම මුදල් වියදම් කරන්නේ, මිනිජොබ් සයිට් වලින්(මිනිජොබ් සයිට් කිව්වේ වැඩිපුරම මුදල් ලැබෙන්නේ මයික්‍රෝ වර්කර් මගින් රු 5500ක් මාස දෙකකට ලැබුනා) ලැබෙන සල්ලි තමයි.  ඇත්තටම මම ඒ සල්ලි වලින් තමයි මගේ ඉන්ටනෙට් බිල ගෙවන්නේ, කරන්ට් බිල ගෙවන්නේ, තව මේ වගේ ඔන්ලයින් දේවල්වලට මම එම මුදල් වියදම් කරනවා.

මීලගට මම මගේ මුලින්ම බ්ලොග් සයිට් පිලිබදව කියන්නම්. පහල දමලා තියෙන්නේ එම බ්ලොක් එකයි. එහි ලිපිනය මෙයයි.  www.itpariganaka.blogspot.com


මෙම බ්ලොග් එක 2010 ජුලි 20 තමයි මුලින්ම ලොන්ච් කලේ.. එමගින් මගේ සිංහල ලිපි පල කරනවා. මෙ කාලයක් තිස්සේ අප්ඩේට් නොකර ඉදලා නැවතත් පටන් ගත්තා. වැඩ නිසා හැම දෙයක්ම බලන්න පෝස්ට් ලියන්න වෙන්නේ නැති නිසා.
අපි මීලට මගේ මීලග බ්ලොග් එකට යනවා. ඒක ඉන්ග්‍රිසි බ්ලොක් එකක. එහි ලිපිනය http://freelessonprovider.blogspot.com  මේකට මට ඇඩ්සෙන්ස් හම්බවුන් බ්ලොක් එකක්ත නමුත් එහි ඇඩ්සෙන්ස් ගිණුම සති දෙකකින් ඩිසේබල් උනා. මට හිතෙන හැටියට ඒකේ ක්ලික් ප්‍රමානය වැඩිවුනා. ඉම්ප්‍රෙෂන්ස් ප්‍රමානවත් වුයේ නැහැ. ඉන්වැලිඩ් ක්ලික් ඇති වීම නිසා එය වන්නට ඇති බව මගේ මතයයි.  මෙමගින් මා බලා පොරොත්තු වන්නේ වෙබ් ට්‍රැෆික් සහ වෙබ් මාස්ටරින් පිලිබදව ලිපි ඉදිරිපත් කිරීමටයි.



මීලගට මගේ අනෙක් බ්ලොක් එකට ගියොත් http://webtips4all.blogspot.com මේක මම තුන්වෙනි වතාවට ඇඩ්සෙන්ස් ඉල්ලන්න හදපු බ්ලොක් එක. මේකට ඇඩ්සෙන්ස් 100 වතාවකට වඩා ඉල්ලුව. දෙන්න තියා හිතුවෙවත් නෑ. මම මේ සමගම ඉන්දියාරොක්ස් සයිට් එකෙනුත් ට්‍රයි කලා නමු බැරිවුනා.. මේ බ්ලොක් එකෙන් මුලික වශයෙන් ෆේස්බුක පිලිබදව ලිපි ඉදිරිපත් කරයි. එය පහත රුපයෙන් පෙන්වා ඇත.



 මීලගට මගේ මුල්ම වෙබ් සයිට් එක එනම් මුලින්ම ඇඩ්සෙන්ස් ගත්ත වෙබ් සයිට් එක ගැන කිව්වොත් මුකුත්ම නොදැන මුල්ම පියවර ලෙස නෙට් මනි වලට පැමිනි මා ගේ වෙබ් අඩවිය මෙයයි. ඒකාලේ දන්නේ මෙච්චරයි.. ඒකේ යුආර් එල් එක http://netmonylk.weebly.com/
මේ කාලෙ මම විෂුවල් බේසික් පටන් ගත්තු ගමන් ඒක නිසා ඒ ගැන ලිපි කිහිපයක් ලිව්වා විතරයි.

මිලගට මගේ වෙබ් අඩවියට ගියොත් එය පහත දක්වා ඇත. ලිපිනය නම්. http://sriadvertiser.weebly.com/
මෙම වෙබ් අඩවිය මගින් තමන්ගේ වෙබ් අඩවිය පිලිබදව දැන්විමක් නොමිලයේ ප්‍රසිද්දකරවා දිමක් අපේක්ෂා කරනවා. ඒවගේම නෙට්මනිකරන අයට වැදත්වන ලිපි සහ වෙබ් අඩවි මෙහි දක්වා ඇත.




 මිලග වෙබ් අඩවිය වෙත ගියොත් ඒක හදලා තියෙන්නේ වෝල්පේපර් ඩවුන් ලෝඩ් කිරිම සදහා පමණයි.  ඒ අනුව මෙහි වෙබ් ලිපිනයhttp://hotwallpaperworld.weebly.com/ වන අතර එහි පින්තුරයක් පහත දක්වා ඇත.

මිලග වෙබ් අඩවිය වෙත ගියොත් ඒකත් වීබ්ලි වලින්ම තමයි හැදුවේ. ලිපිනය http://webgraphicsdesigning.weebly.com/  මෙහි පන්තුරයක් පහත දක්වා ඇත.




මෙය හැදුවේ ඇඩ්සෙන්ස් ඉල්ලන්නයි මේකටත් දුන්නේ නැහැ.

මගේ මිලග වෙබ් අඩවිය වෙත ගියොත් එහි ලිපිනය තමයි http://softstoc.weebly.com මෙකේ පින්තුරයක් පහත දාලා තියනවා.



මගේ මිලග වෙබ් අඩවියට ලියොත් ඒකේ යුආර්එල් එක තමයි. http://youthcorps.tk/
ඇත්තමට මෙම වෙබ් අඩවිය මම යොවුන්සේනාන්කයේ පාස් අවුට් උනාට පස්සේ තමයි හැදුවේ.
මෙහි පින්තුරයක් පහත දැක්වේ.





කොහොමද ඉතින් මම හදපු වෙබ් අඩවි කෙළ, ඇත්තටම දැන්නම් හොදටම හතිවැටිලා තියෙන්නේ. නෙට් මනි ගැන කව්රුමොනවා කිව්වත් මාව තම්බන්න නම් කවදාවත් ඔය නෙට්මනි මුදලාලිලාට බැහැ. මොකද ඔය කියන කියන හැම දෙම මම කලා.  මිට අමතරව මෙම හැම වෙබ් අඩවියකටම ෆේස්බුක් ෆැන්පේජ් එක බැගින් හදලා ට්විටර් වලට ප්‍රමෝට් කරලා ෆෝරම් වලට දාලා වෙනත් සයිට් වල කමෙන්ට් දමලා ආදි සියල්ල කරන්නට කොතරම් කාලයක් මහන්සියක් සිදුවන්නට ඇත්ද කියා මෙවැනි දෙයක්කරන්නෙකුට අමුතුවෙන් කිව යුතු නැත. බොහෝකාලයක් මහන්සියක් මෙම වැඩ සදහා යොදවා ඇති බව බලන ඔනම කෙනෙකුට සැනෙකින් තේරේ..  මොනවා කරන්නද උත්සාහ කලා කලා. හදන්න තිබුනු හැම විදියටම වෙබ් සයිට් හැදුවා ප්‍රමෝට් කලා නමුත්...???? ලැබුනේ මොනවාද???

මට තේරෙන්නේ නැහැ මීලග පියවර කොහොම තියන්නද කියලා...

පිලිතුරක් දන්න කෙනෙක් ඉන්නව නම් උත්තරයක් පහලින් දාලා යන්න ලොකු දෙයක්... අම්මපා.. මචෝ... අපි වෙනුවෙන් අපි මිසක් වෙන කවුරුන්ද...???



Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"