ලොව හයවැනි බලවතා ශ්‍රී ලංකා ජනාධිපති









ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ.

ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී.

තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලියන් අසාන්ජ් පවා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පරාජයට පත්වී සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ ද; ආකර්ෂණය ලබාගෙන ඇත්තේ ද; ප්‍රධාන කරුණු කිහිපයක් නිසා බව ටයිම් සඟරාවේ ජනමත සමීක්ෂණය පෙන්වා දෙයි. එම හේතු අතර පළමුතැන ගන්නේ වසර ගණනාවක් පැවැති ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කොට රටට සාමය හා නිදහස ලබාදීම ය. දෙවන තැන ගන්නේ ඇමෙරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කඩතුරාවට මුවා වී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන විට ද ඊට නොබියව මුහුණදීම ය.

මේ තත්ත්වය හමුවේ රුසියාව, චීනය හා ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගයට ඉදිරිපත් වූ අතර රුපියල් බිලියන ගණනක ආයෝජන අවස්ථා ද ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. තෙවැනි කරුණ ලෙස සඳහන් වන්නේ හැටපස් වැනි වියෙහි පසුවන ආකර්ෂණීය පුද්ගලයකු වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ශක්තිමත් හා ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය. එය ආසියාවේ ආශ්චර්යය ලෙස හඳුන්වන බව ද ටයිම් සඟරාව තවදුරටත් පෙන්වා දෙයි.

අමෙරිකා උප ජනාධිපති ජෝ බිඩන්, අමෙරිකානු ආරක්ෂක ලේකම් රොබට් ගේම්ස්, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂිකා රිපබ්ලිකන් තාරකාවිය සාරා පලින්ගේ නම පවා සඳහන් වන්නේ රාජපක්ෂ මහතාගේ නමට පහළිනි. ටයිම් සමීක්ෂණයට අනුව ජනාධිපති රාජපක්ෂගේ බලපෑම ලොව පුරා පැතිර ගොස් තිබේ. ම්ලේච්ඡ ප්‍රභාකරන් බේරා ගැනීමට ප්‍රයත්න දැරූ බටහිර සුපිරි බලවේගවලට පවා එරෙහිව තම ස්ථාවරයේ රැඳී සිටීමට රාජපක්ෂ මහතාට හැකිවිය.

Comments

  1. How To Earn $100 Per Day Here


    How To Earn Money Through Internet - Earn Money Online
    Learn How To Earn Money Through Internet Without Any Investment.Earn Free Money Online.
    Learn How To Earn Real Money through Internet Without Any Investment !

    http://www.earnmoneyplus.yolasite.com

    ReplyDelete
  2. http://trustedinvesmentsites.blogspot.com/

    Trusted Investment Sites - Earn Money Through Internet By Investing Your Extra Money.

    Earn Money Through Internet With Trusted Investment Sites.
    Here Are The Most Best And Most Trusted Investment Sites In The Internet

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"