Bux.to සදහටම තහනම් වෙයි...!


මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ, ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් මේ සයිට් එක පැත්තෙවත් යන එකක් නැහැ. ඒ කියන්නේ අපි බ්ලොග් එකකින් අප අතර හොද දේවල් බෙදා ගන්නවා වගේම අවදානම් දෙවල් ගැනත් අනතුරු ඇගවීමක් ලබා දීමට අප සුදානමින් සිටී. මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි. ඒ නිසා ඔබ ගොඩාක් කාලයක් බලාගෙන ඉදලා, යාළුවන්ගෙන් එක එක කතා අහ අහ මෙම බක්ස් කරන්නේ. ඉතින් අප රැවටීමකට ලක් වුනොත් ඒතකොට වන පාඩුව සහ මානසික් පීඩනය කොතරම්ද කියා නිම කරන්න බැහැ. ඒකනිසා ඔබව හරි දේ පෙන්වන්නට තමයි මෙම ලිපියෙන් කරන්නේ.

ලංකා වේ බොහෝ තරුණ තරුණියන් මෙන්ම අන්තර්ජාලයේ සිටින පිරිස් මෙම බක්ස් අඩවිය මගින් මුදල් බොහෝ ප්‍රමාණයක් උපයා එය අවසානයේ ගන්න හදන කොට එක එක කතා කිය කියා මගහරිනවා. ඊට පස්සේ ගෙවන්නේ නැතිව අරිනවා. බොහෝ දෙනෙක් මෙම වේබ් අඩවියෙන් මුදල් උපයා එය ලබා දෙන්නේ නැතිව නිකන්ම එය අතහැර දමා පැත්තකට වෙනවා. තමන් කොච්චර මහන්සි උනාද යන්න එක මොහොතකින් අමතක කර දමනවා. එය ඔබට කලහැක්කක් ද? එහෙනම් ඔබ එය හරියට අවංකව කලා නොවෙනවා ඇත. එහෙත් සමහර විට ඔබ කියයි, අත හරිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? කියලා. නමුත් අන්තර්ජාලයේ සිදුවෙන හොර මැර කම් වංචා පිලිබදව වගකියන ආයතන විශාල වශයෙන් ව්‍යාප්තව පවති. එම ආයතන වලට ඔබගේ පැමිනිලි කිරීම හොදය, මන්ද යත් එක් අයකු දෙතුන් දෙනෙකුගේ පැමිනිලි මේ සදහා ප්‍රමානවත් නොවේ, එම නිසා අප පිරිසක් ලෙස මෙම හොර ජාවාරම් ගැන පැමිනිලි කල යුතුය. සමහරවිට ඔබ හිනාවේවි මේ මොනවද කියන්නේ කියලා. නමුත් අප අතින් විය යුත්ත මෙයයි. ඔබ Facebook එකේ ඉන්නව නම් ඔබ දැකලා ඇති හැම ප්‍රොෆයිල් එකක් යටම Report කියලා ලින්ක් එකක් තියනවා. මේ ලින්ක් එකින් අපට පුළුවන් එම ප්‍රොෆයිල් එක සදහටම Facebook එකෙන් ඉවත් කරලා තහනමට ලක් කරන්න. එය එසේ කල හැකි නම් ඇයි අපට බැරි මෙම නරක සයිට්එකක් අන්තර්ජාලයෙන් අතුගාලා දමන්න. මෙය අපට Facebook එකේ කරන විදියටම බැරි වුනාට ඒ වගේ ක්‍රමයකින් කරන්න පුළුවන්. ඒ තමයි මෙහෙම ඔබ දැකලා ඇති microwokers සහ minuteworkers වැනි මිනි ජොබ් සයිට් වල තියනවා ජොබ්ස් මෙවැන් Facebook ප්‍රොෆයිල් රිපෝට් කරන්න වගේ දෙවල් මිලට ගන්නවා. එවැනි අඩවියකින් අපට මේකෙ කරන්න තියන අමාරු වැඩ කරන්න කෙනෙක් හෝ කීප දෙනෙක් “හොද වැඩ්ඩො” මිලට ගත්තනම් මුන්ව අතූගාලම සමන්න පුළුවන්. සල්ලි වලට ඕන කෙනෙක් ඕනම දෙයක් කරනවා. ඒ ආකාරයට ගිහින් මේ වගේ clam site නැති කරලා දමන්න පුළුවන්, හැම එකක්ම බැරිවුනත් එකකට දෙහකට ගේම වදිනකොම අනිත් ඒවා ඉබේම හිරිපාරට එනවා. එයයි පැතුම, ඔබට මේ සදහා ඇති යෝජනා චෝදනා ලියලා තියන්න කමෙන්ට් බොක්ස් එක ඇතුලේ, අපි පුළුවන් විදියට මේ වේබ් අඩවියට ගහලා ගහලා පාගලා දාමු.....! එතකොට අපි ඇඩ් කල්ක් කර කර වින්ද දුක තවකෙකුට විදින්න ඉඩ නොතියනවා වගේම එම මහන්සිට ප්‍රතිඵලයක්ද ලැබේ. මම හැමවිටම කියන්නේ ලංකාවේ අපි හැම විටම සයිබරයේ එකටම ක්‍රියා කල යුතුයි, මොකද ලංකාව දෙකයි පනහට දමලයි සයිබරයේ තියෙන්නේ.. ඔබේ අදහසත් අපිට කියන්න. පුළුවන් දෙයක් කරමූ.. අපි වෙනුවෙන් අපි නෙ බන්...
එහෙනම් තවත් අළුත් ෂොට් එකකින් හම්බවෙමු....
Provided by http://itpariganaka.blogspot.com
api earn karana main balance eken oke referalsla ganna bae mamath oke 16 $ earn kara ee unata refferalslath ganna bae with draw karannath bae.net eke bux.to scam kiyala serch karannako oyatama terei
ReplyDeletekathawa nam hariyatama hari
ReplyDelete