ට්විට්ටර් වෙබ් අඩවියේදී මයික්‍රෝ බ්ලොග් ලිවීම.



ට්විටර් නු නොමිලේ ලබාදෙන ඉතා සිත් ඇදගන්නා වෙබ් සේවයකි. මෙය ෆේස් බුක් වෙබ් අඩවියසේ නෑදෑ හිත මිතුරන් සමග නිතර සබදකම් පවත්වා ගැනීමට උදවුවෙන මිතුරු අනෙක් අතට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බ්ලොග් වර්ගයේ වෙබ් සේවයකි.

















මෙහිදී බ්ලොගිං කටයුතු හෙවත් තමන්ගේ අදහස් ලිවිය යුත්තේ වරකට අකුරු 140 කිනි. එනම් ඉතා කෙටි පනිවුඩයකි. ඒ නිසා මෙම ක්‍රමය හදුන්වන්නේ මයික්‍රෝ බ්ලොගිං කියාය. මෙසේ මයික්‍රෝබ්ලොගිං ක්‍රමයට ලියන පනිවුඩයක් මෙහිදී හදුන්වන්නේ ට්වීට්ස් යනුවෙනි. මෙම බ්ලොග් එකේ විස්තර කරන ආකාරයට නොමිලේ ටව්ටර් ගිණුමක් සාදා (Twitter Account) ගෙන එය පවත්වාගෙන යන අයෙකුට ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ට්වීට්ස් යවන්නටත්, තම මිතුරු මිතුරියන්ගෙන් ට්වීට්ස් ලබා ගන්නටත් පුළුවන. සාමාන්‍ය දුරකථනයකින් SMS ලෙස tweets, Twitter වෙබ් අඩවියට යවන්නටත් පුළුවන. දැන් තිබෙන Smart Phone සදහා ට්විටර් වෙබ් අඩවියෙන් නොයෙක් පහසුකම් ලබා දෙයි. ඒ අනුව එම දුරකතන හරහ‍ාද ට්විටර් වෙබ් අඩවිය වෙත පිවිස මයික්‍රෝබ්ලොගිං ලියන්නටත් tweets කියවන්නටත් හැකියාව ලබා දී තිබේ. මේ ක්‍රමයට අද ලොවපුරා මිලියන් සීයක් හෙවත්කෝටි දහයක සෙනගක් ට්විටර් හරහා සබදතා ගොඩ නගාගෙන සිටී.

ට්වීට්ස් වශයෙන් යවන්නේ පිනිවුඩයකි. එය සාමාන්‍ය ප්‍රවෘත්තියක්, සිදුවීමක් දන්වා යැවීමක්, අදහස් හෝ පෟද්ගලික පණිවුඩයක් වුවත් වෙන්නට පුලුවන. වර්ථමානයේ බොහෝ පුවත් ආයතන,රූපවාහිනී සහ ගුවන්විදුලි සේවා සහ විවිධ ජනමාධ්‍ය සිය වෙබ් අඩවි, කෙලින්ම ට්විටර් සමග සම්බන්ධ කොට තිබේ. එනිසා ඒවායින් ලබාදෙන මහජනයා දැනගත යුතු ප්‍රවෘත්ති සහ විනෝදාස්වාද පුවත් ඉබේම වාගේ ට්විටර් වෙබ් පිටුවෙත එයි. කුමන හෝ ට්විටර් එකක් ගිණුමක් හරහ‍ා ප්‍රසිද්ධ කල පසු එය කියවන අය හදුන් වන්නේ ෆලෝවර්ස් (Followers) කියාය.

ට්විටර් ගිණුමක් ආරම්බ කිරීම.








ඉන්ටනෙට් හරහා www.twitter.com යන වෙබ් ලිපිනය හරහා ගිය විට ලැබෙන ට්විටර් වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති Join Today යන බොත්තම මත Click කරන්න. එවිට Twitter ගිණුමට තමාගේ විස්තර ලබාදීමට ෆෝම් එකක් මතුවේ.

















මෙහිදී දැනට පාවිච්චි කරණ ඊමේල් ලිපිනයක් ලබාදිය යුතුය.( 1 රූපය..) Twitter ගිණුම තහවුරු කිරීම (Confirm) සහ Twitter සමග කරණ සියළු ගනුදෙනු කෙරෙන්නේ මෙම ඊමේල් ලිපිනය පාදක කොටගෙනය. මෙහි User name ලෙස ලබා දිය යුත්තේ තමා Twitter ගිණුමේදී භාවිතා කිරීමට කැමැති නමයි. මෙය මතක තබා ගැනීමට පහසු කෙටි එකක් වීම හොද යැයි කියන්නේ එවිට එය තමන්ගේ හිත මිතුරන්ට මතක තබා ගැනීමට පහසු බැවිනි.

එමෙන්ම මෙහිදී යෝජනා කරණ නම යටතේ දැනටමත් Twitter ගිණුමක් තිබේ නම් දැන් එම නම ලබා ගත නොහැක. එවිට තමාගේ නමෙහි මුල් අකුරු උපන්දිනය යනාදී මතක තබා ගැනීමට පහසු අමතර අකුරු එක්කර ගෙන අළුත් යූසර් නේම් එක සකස් කර ගත හැක. දැන් එය Twitter ගිණුම හරහා ලබාගත හැකිනම් 1රූපයේ පරිදි (√) ලකුණ සමග Ok යන්න දිස්වේ. දැන් අවසාන වශයෙන් Create my account යන බට්ටන් එක ක්ලික් කරන්න

.














එම සියල්ල නිවැරදිව අවසන් වූ පසු ඊලගට මතුවන්නේ මෙම ගිණුම ඉල්ලා සිටින්නේ මිනිසකු විසින් යැයි තහවුරු කර ගැනීමට වෙබ් අඩවිවලදී ලබා දෙන කැප්වා කේතයක් ලිවීමේ පිටුවයි. () එය සම්පූර්ණකොට Finish Button එක ක්ලික්කරන්න. නිවැරදිව කැප්වා සංකේතය ලියුවේනම් එසැනින් Twitter ගිණුම සකස් වේ.

Twitter ගණුමේ Settingsසැකසී










මීලගට කලයුත්තේ තම ගිණුම හරහා මිතුරන් සමග සම්බන්ද වියහැකි මාර්ග සාදා දීමය. එය නිසියාකාරව නොකලොත් තමන්ගේ Twitter වෙනත් අයට නොලැබෙන අතර ඒ අයගේ tweets තමන්ට ලැබෙන්නේ නැත. මෙම සම්බන්දතා සාදා ගැනීම සදහා විශේෂ Wizard එකක් Twitter වෙබ් අඩවියෙන් ලබා දේ. එය ප්‍රධ‍ාන පියවර තුනකින් යුක්තය.

· Suggestions - අළුත් ප්‍රවෘත්ති සහ වෙනත් තොරතුරු දැන ගැනීමට කැමැත්තේ කලා, ක්‍රිඩා ව්‍යාපාරික... යනාදී කුමන මාතෘකා ඔස්සේද යන්න මෙහිදීතෝරා දිය හැකය

දැනටමත් Twitter ගණුමක්ඇති සහ මෙම මා‍තෘකා ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නා අයගේ නම් ලැයිස්තුවක් එවිට මතුවේ. එතුනින් තමන් කැමති අය ෆලෝවර්ස් ලෙස තෝරාගත හැක. දැන් තමාගේ Twitter වෙබ් පිටුවේ පණිවුඩ වශයෙන් මෙසේ තෝරාගත් අය විසින් හුවමාරු කරගනු ලබන tweets ය.

· Friends – Twitter ගිණුම ආරම්භ කිරීමට ලබා දුන් ඊමේල් ලිපිනයෙන් කියවෙන තම‍ාගේ ඊමේල් ගිණුමට නිතර සම්බන්ද වී සිටින මිතුරන්ද Twitter ගණුමට එක්කර ගැනීමට පුළුවන. මෙම පියවර මගින් එය කර ගත හැක.

· Anyone - කැමති අයගේ නම යොදාගෙන යම් විශයක් හෝ වෙනත් මාතෘකාවක් ඔස්සේ tweets සපයන්නන් තෝරාගත හැක.

මෙම පියවර සියල්ල සම්පූර්ණකළ පසු තමාගේ Twitter ගණුම නිර්මාණය වී අවසන්ය. දැන් තිබෙන්නේ එය බාවිතා කරමින් ප්‍රයෝජන ගැනීමයි.

Twitter ගිණුම භාවිතා කිරීම.

ඉන්ටනෙට් සම්බන්දය ඇති පරිගණකයක් හො Smart Phone එකක් හරහ‍ා දැන් තමාගේ Twitter ලිණුමට ඇතුළු විය
හැක. ඒ සදහා Twitter වෙබ් අඩවියේ ලිපිනයට පසු තමාගේ Twitter ගිණුමේ User name එක යෙදුවිට ලැබෙන වබේ ලිපිනය වෙබ් බ්‍රවුසර‍යේදී යොදා ගත යුතුය. එහි පොදු අකෘතිය වන්නේ www.twitter.com/yourusername
.











මෙසේ Twitter ගිණුමේ මුල් පිටුව ලබා ගත් පසු එයට ලොග්වීම සදහා එහි ඉහල දකුණු කෙළවරේ ඇති Sign In බොත්තම ක්ලික් කරන්න. එවිට Username and Password Enter කරන්න. දැන්මෙම විස්තර ව

ලින් ටෙක්ස්ට් බොක්ස් පිරවූවිට Twitter ලිණුමට පිවිසිය හැක. මුලින්ම මතුවන්නේ මෙම ගිණුමේ සිට tweets ලිවීමට ඉඩ ලබාදෙන ටෙක්ස්ට් බොක්ස් එකයි. එහි Eng

lish වලින් පනිවුඩය ලිවිය යුතුය. එය අකුරු 140 කින් සිමාවන බව දනිමු. පණිවුඩය ලියාගෙන යන විට අකුරු140න් දැනටමත් ඉතිරිව ඇති අකුරු ගණන දකුණු පහළ කෙළවරේ පෙන්වයි. අවසානයේ ටෙක්ස්ට් බොක්ස්එකේ පහළින්ඇති Tweet Button එක ක්ලික් කරන්න. එවිට අළුත් වෙබ් පිටුවක් විවෘත වී එම Tweet එක පෙන්වයි.

Tweeter භිවිතයේදී ඇතිවන ගැටළු වලට විසදුම් www.twitter.com/help/start යන වෙබ් අඩවියෙන් ලබා දෙයි.

තමාගේ චායාරූපය සමග නොයෙක් පෞද්ගලික තොරතුරු Tweeter‍ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ද කල හැක. ඒ සදහා ගිණුමට ලොග් වී එහි දකුණු ඉහල කෙළවරේ ඇති Tweeter මෙනු බාර් එකෙන් Settings ක්ලික් කරන්න

.




















ලැබෙන පිටුවේ වම් ඉහල කෙළවරේ ඇති සබ් මෙනු බාර් එකෙන් Profile බට්ටන් එක ක්ලික් කරන්න. එවිට තමාගේ විස්තර ලබා දීමට ඩයලොග් බොක්ස් එකක් මතුවෙයි. එතුළ තොරතුරු ලියා එවා සේව් කරන්න.







ලොව ප්‍රකට පුවත් ආයතන ලබාදෙන නිවුස් අප්ඩේට්ස් Tweeter තුලින් එසැනින්ම බලා ගන්නට පුළුවන්.

තවත් අන්තර්ජාල සේවා අත්විදීමේ නිවැරදි ක්‍රම දැන ගන්න පිවිසෙන්න

http://itpariganaka.blogspot.com

http://freelessonprovider.blogspot.com

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"