අඩුම මිලට ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ලබා ගැනීම


ජීමේල් ගිණුමක් හරහා ලෝකයේ ඕනෑම දුරකතනයකට ඇමතුම් ලබ‍ා ගැනීමේ සේවයක් දැන්තිබේ. එහි වි‍ශේෂත්වයවන්නේ ඇමරිකාවේ සහ කැනඩාවේ නිවසක තිබෙන දුරකතනයකට මෙන්ම ජංගම දුරකතනයකටද ඉන්ටනෙට් හරහා නොමිලේ ඇමතුම් ලබාගත හැකිවීමයි. එසේම අනෙක් රටවලටත් ලෝකයේ ඇති අඩුම මිලට ඇමතු

ම්ලබාගන්නට මෙම අළුත් ජීමේල් සේවයෙන් පුළුවන්. එය හදුන්වන්නේ ගූගල් කෝල් ෆෝන් කියාය. මෙම සේවය ගැන විස්තර සම්පූර්ණවශයෙන් www.google.com/chat/voice යන නිල වබේ අඩවියට පිවිස දැනගත හැක. දුරකථන ඇමතුම් ලබා ගැනීමට අනුගමනය කලයුතු ක්‍රිය‍‍ා පිලිවෙත එහි දක්වා තිබේ.

නොමිලේ දුරකථන ඇමතුමු ලබා ගැනීමට පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා

· ඉන්ටනෙට් සබදතාවය සහ ස්පීකර් හෙඩ්ෆෝන් යනාදිය සහිත මල්ටි මීඩියා පරිගණකයක්.

· Windows XP, Windows Vista, Windows 7, Linux මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් හෝ මැක් ඕඑස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක්.

· ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 6 සහ ඊටපසුව ආ වෙබ් බ්‍රවුසරයක්. පරිගණකයෙ තිබෙන්නේ ෆයර් ෆොක්ස් වේබ් බ්‍රවුසරයනම් එය අනිවාර්්‍යයෙන්ම ෆයර්ෆොක්ස් 3.0ට පසුව ආා වෙබ් බ්‍රවුසරයක් විය යුතුය. ගූගල් ක්‍රෝම්වෙබ් බ්‍රවුසරය සමග නම මෙම දුරකථනය හොදින් වැඩ කරයි.

· දැනමත් පාවිච්චි කරන හෙවත් ක්‍රියා කාරී ජීමෙල් එකවුන්ට් එකක්. ජීමේල් එකවුන්ට් එකක් නොමැතිනම් එය පහසුවෙන් අළුතෙන් සාදාගත හැක.

· ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය අළුත්ම සංස්කරණය ඉන්ස්ටෝල් කර තිබීමෙන් දුරකථනය හොදින් වැඩ කරයි.

· ගූගල් කෝල් ෆෝන්ස් වෙබ් අඩවියෙන් ලබා දෙන Voice and chat නම් ප්ලගින් එක ඉන්ස්ටෝල් කොට තිබියි යුතුය.

ජීමේල් ගිණුමක් අළුතින් සාදා ගැනීම

මේ සදහා ඉන්ටනෙට් හරහා www.gmail.com වෙබ් අඩවියට පිවිස එහි ඇති Create an account යන්න මත ක්ලික් කරන්න.






මෙසේ ජීමේල් ගීණුමක් විවෘත කිරීමේදී මතුවන Create An Account වින්ඩෝවෙහි ඇති Get started with Gmail යටතේ විස්තර සැපයිය යුතුය.

මෙහි තෝරාදෙන ඊමේල් ලිපිනය අපගේ නමින්ම ලබා ගත හැක. එහෙත් එසේ නොවන අවස්තාවලදී නමේ මුලට හො අගට තවත් අමතර ඉලක්කම් හෝ අකුරු එක්කොට වෙනස් කර වෙනස් කර ගත හැක.

එසේ තමා ලබාගැනීමට බලාපොරොත්තුවෙන ලිපිනය ලිවිය යුත්තේ Desired login name තුළය.

දැන් චෙක් ඇවලිබිලිටි කලයුතුය. එම නම දැනටමත් තිබේ නම් වෙනස් නමක් ලබාදිය යුතුය.

අනතුරුව අපගේ පාස්වර්ඩ් එක අකුරු 8කට වැඩියෙන් Choose password and Reenter Password යන කොටුතුල දෙවරක් ටයිප් කල යුතුය. මෙම විස්තරය

සබ්මිට්කළ විට අළුත් ඉමෙල් ගිණුමක් විවෘතවේ.

මේ අකර තුරදී Congratulation ලෙස වින්ඩෝවක් ලැබේවි. එහි ජීමේල් පිලිබද කෙටි හැදින් වීමක් දැක ගත හැකිවනු ඇත.

දැන්මෙම ජීමේල් ගිණූම හරහා ජීමේල් දුරකථන සේවයේ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන. මුලින්කී අවශ්‍යතා සම්පුර්ණකොට ඇති පරිගණකයකින් ජීමේල් ගිණුමට ඇතුළු වු පසු එහි කන්ටැක්ට් ලිස්ට් එක තුල සෙල් ෆෝන් නම් අළුත් ලින්ක් එකක් තිබෙනු පෙනේවි. බොහෝ විට අළුත් පොප්අප් වින්ඩෝවක් මතුවී දුරකථන සේවය ගැන විස්තර කියයි. දැන් එහි ඇති Try it now! බොත්තම මත ක්ලික් කරන්න.

දුරකතන ඇමතුම් ලබා ගැනීමට අවශ්‍ය ප්ලගින් එක ඉන්සටෝල් කර ගැනීම






Try it now! බොත්තම මත ක්ලික් කළ විට ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත හැකිවෙබ් පිටුව මතුවේ. එය ගූගල් ෆෝන්සේවයේ නිල වෙබ් අඩවිය වන www.google.com/chat /voice යන්නයි. එනම් එම වෙබ් ලිපිනය කෙලින්ම ලිවීමෙන් ද මෙම ප්ලගින් එක ඇති වෙබ් අඩවියට යා හැක. එහ ඇති Install voice and video chat බට්ටන් එක තද කලවිට video chat installer ඩයලොග් බොක්ස්

එක මතුවේ. එහි ඇති රන් බට්ටන් එක ක්ලික් කල විට මෙම ප්ලගින් එක ඒ මොහොතේම ඉන්ස්ටෝල් වීම අරබයි (මෙම ප්ලගින් පසුව ඉන්ස්ටෝල් කිරීම සදහා සේවු බට්ටන් එක ක්ලික් කරන්න)

වොයිස් ඇන්ඩ් වීඩියෝ චැට් ඉන්ස්ටොලර් ප්ලගින් එක ඉන්සටෝලවී අවසන් වු පසු බ්‍රවුසරය රී ස්ටාර්ට් කිරීමට පවසයි. එයට ඉඩදෙන්න..

දැන්නැවතත් මෙම පරිගණකයෙන් ජීමේල් ගිණුමවෙත ඇතුළුවී එහි කන්ටැක්ස්ට් ලිස්ට් එකෙහි ඇති කෝල් පෝන්යන්න මත ක්ලික් කලයුතුය. එවිට ජීමෙල් ඉන්ටෆේස් එකෙහි පහළ දකුණු පසින් දුරකථනයක යතුරු පුවරුව සහ වෙනත් විස්තර සහිත වින්ඩෝවක් හෙවත් ජීමේල් සොෆ්ට් පොන් එකමතුවේ.

ෆ්ලෑෂ් ප්ලේයර් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගැනීම

මේවනවිට මෙම පරිගණකය තුල ෆ්ලෑෂ් ප්ලේයරය නොමැති නම් මතුවන සොෆ්ට් ෆෝන් එකේ “Flash is required to make a call” යනුවෙන් වගන්තියක් දැක්වේ. දැන්කල යුත්තේ එහි ඇති Click Here යන්න මත ක්ලික් කිරීමය. එවිට ෆ්ලෑෂ් ප්‍ලෙයරය ඉන්සටෝල් වීම ඇරබේ. වඩාත්ම හොදදේ ෆ්ලෑෂ් ප්ලේයරයේ අළුත්ම සංස් කරණය කලින්ම ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර තිබීමය. එය http://getadobe.com/flashplayer/ යන වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැක. කෙසේවෙතත්ෆ්ලෑෂ් ප්ලේයරය ඉන්ස්ටෝල් කරගන්නා තෙක් ජීමේල් දුරකථන සෙවය ක්‍රියාත්මක වෙන්නේ නැත.

දුරකතන ඇමතුම් ලබා ගැනී










සොෆ්ට් ෆෝන් එකෙහි ඉලක්කම් සහිත් බොත්තම් සාමාන්‍ය පරිදි ක්ලික් කරමින් දුරකථන අංකයක් ලබාදිය හැක. ඉන් පසු කෝල් බට්ටන් රක තද කිරීමෙන් පසු අදාල දුරකථනයට ඇමතුම ලැබේවි. එය ඇමරික‍ාවෙ හෝ කැනඩාවේ දුරකථනයක් නම් ඇමතුම නොමිලේ ලබා දිය හැක. ඉදිරියේදී ලෝකයේ අනෙක් රට වලටත් මෙසේ නොමිලේ දුරකථන ඇමතුම් ලබාදීමේ හැකියාව ලබා දෙන බව ගූගල් සමාගම පවසයි. එහෙත් දැනට ලෝකයේ අනෙක් රටවලට ලෝකයේ අඩුම මිලට දුරකථන ඇමතුම් ලබා ගත හැක.

එම මිල ගනන් බලා ලැනීමට wwww.google.com/chat/rates යන වෙබ් අඩවියට පිවිසිය යුතුය. එසේ නැතහොත් ගූගල් කෝල්ස් හදුන්වා දෙන පුධාන පිටුවෙ ඇති Low Rates යන ලින්ක් එක හෝ Rate comparison ටේබල් යන ලින්ක් එක මත ක්ලික් කල යුතුය. ඇමතුම් ලබා ගත හැකි රටත් දුරකතන ඇමතුමකට මිනිත්තුවකට අය කරන ගාස්තුවක් පෙන්වන වගුව එහි දක්වා තිබේ.

දුරකතන ගාස්තු ගෙවීම

ගාස්තු ගෙවිය යුත්තේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට්කාඩ් වලිනි. ඒවා American Express, Discover, MasterCard, Solo, Visa, Visa Electron යනාදියයි. ඒවා ඇසුරින් ගෙවීම් කිරීමට ගූගල් චෙක් අවුට් වෙබ් අඩවියට (https://checkout.google.com/) පිවිස එහි උපදෙස් පිලිපැදිය යුතුය.

සාමාන්‍යයෙන් ජීමේල් සොෆ්ට් පෝන් එකෙහි Credit button ක්ලික් කල විට checkout වෙබ් අඩවිය වෙත යොමු වේ. මෙහි ඇති Add Credit වෙබ් පිටුව හරහා කැමති ප්‍රමානයක් ක්‍රෙඩිට් ලබාගත හැක.

මෙසේ Credit හෙවත් මුදල් ප්‍රමානය තෝරා දුන් පසු එය සොෆ්ට් පෝන් එකේහි සටහන්වේ. එනම් මෙය දුරකථන ඇමතුම් ලබා ගැනීම සදහා බාවිතා කල හැකි මුදල් ප්‍රමනයක් හෙවත් ක්‍රෙඩිට් ප්‍රමානයක් බවට පත්වෙ. දැන් එය ගෙවිය යුතුය.. ඒසේ ගෙවු පසු එම මුදල සොෆ්ට් පොන් එකෙහිද පටහන්ව තිබේ. එය අවසන්වනතුරු දැන් ඇමතුම් ලබා ගත හැක.

තවත් අන්තර්ජාල සේවා අත්විදීමේ නිවැරදි ක්‍රම දැන ගන්න පිවිසෙන්න

http://itpariganaka.blogspot.com

http://freelessonprovider.blogspot.com

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"