විදුලි ලෝකයේ ඉඩම් විකිනීම. (ඩොමේන් නාමවිකිනීම ලොව ලාභදායකම වෙළදාමයි.



ඉන්ටනෙට් හරහා නොයෙක් වෙළදාම් කරතත්, දැන්තිබෙන වාසිදායකම වෙළදාම වන්නේ වෙබ් ලිපින හෙවත් ඩොමේන්නාම (Domain Names) වෙළදාමයි. ඒවෙළදාමේහැටි තේරුම්ගන්නට පුළුවන් සිද්ධි කිහිපයක්මපසුගියදා වාරථාවුනේය.

ජෝර්ජ් හර්ගර් යනු ඇමරිකාවේ වෙසෙන වෙබ්අඩවි නිර්ඹණය කරන්නේකි. කුලියට ගෙන දිගටම කුලීනොගෙවීමනිසා අයිතියඅහිමි(expired) වූ ඩොමේන්නාමමොනවාදැයි නිතරම සොයමින් සිටින ඔහු www.georgewbushilibrary.com නම ඇති වෙබ් ලිපිනය කල් ඉකුත්ව ඇති බව දුටුවේය. මෙය ඇමරිකාවේ ජනාධිපතිවසිටි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ පුස්තකාල වෙබ් අඩවියේ ලිපිනයයි. එය ඔහු ඩොලර් (රුපියල් 500 ට පමණ) මිලදී ගත්තේය. මෙම වෙබ් අඩවිය නඩත්තු කරණ සමාගම එය දුටුවේ සෑහෙන කාලයකට පසුවය. ඔවුන් සිදුවූ අත්වැරැද්ද මගහරවා ගන්නට කෙසේ හෝ නැවත මේ වෙබ් ලිපිනය ලබාගත යුතු වුනේය. ඔවුන් නැවතඑය ලබාගන්නට උත්සාහ කළද ඩොලර් 5 කට එය මිලදීගත් ජෝර්ජ් හර්ගර් පසුගිය ජනවාරි අග සතියේදී ඩොලර් 35000කටඑය විකිණීය. රුපියල් 500ක්ආයෝජනය කළමෙම‍ වෙළදා මෙන් ඔහු ලද ලාභය රුපියල් ලක්ෂ තිස් පහකි. ලෝකයේ බොහෝදෙනා දැන් මේ සද්දයක්නැති වෙළදාමෙන්කෝටිපතියන් වෙමින්සිටිති. ඒ විශේෂ වෙබ් ලිපිනයක තිබෙන වටිනාකම වෙන්දේසිකරමිනි. අද වැඩිදෙනෙක් පුරුදුව සිටින්නේ සර්ච් එන්ජිමක් හරහා වචනයක් ලියා එයට අදාල තොරතුරු සොයා ගැනීමට නොවේ. තමන්ට අවශ්‍ය වචනය වෙබ්ලිපිනය ලෙසලියා කෙලින්ම වෙබ් අඩවියක් වෙතයාමය. උදාහරණයක් විදියට ලංකාව ගැන සෙවීමට sri lanka යනවචනයෙන් සර්ච්කිරීමවෙනුවට www.sri-lanka.com වැනි වෙබ් ලිපිනයකින් සර්ච්කිරීමඇරඹිය හැක. ඩිරෙක්ට්නැවිගේෂන් කියන්නේ මේක්‍රමයටයි. ඩිරෙක්ට් නැවිගේෂන් ක්‍රමයට පුරුදුවීම නිසා නිශ්ච්තනාම වලින් යුත් වෙබ් අඩවිවලට එන සෙනගවැඩිය. අනෙක් අතට මේ සෙනග එන්නේ එම වෙබ් අඩවියෙන් කියවෙනමාතෘකාවගැන තවත් දේ දැන ගන්නටය. එවිටමේ වෙබ්අඩවියේ තිබෙනවෙළදදැන්වීම් සහවෙනත් හයිපර්ලින්ක්ස් හරහාඔවුන් තොරතුරු සොයයි. මෙ හයිපර්ලින්ක්ස් ඉන්ටනෙට් වෙළද දැන්වීම් ජාලයකට සම්බන්ද කොට තිබුනේ නම් එවිටහැම ක්ලික් කිරීමක් පාසාමවෙබ්අඩවියේඅයිතිකරුටමුදල්ලැබේ. මෙසේ ආදායම් ලැබීමනිසා විශේෂ වර්ගයේ ඩොමෙන් නාම වෙළදාම දැන් බොහෝ සක්‍රිය වෙලදාමක් බවට පත්ව තිබේ. දිනකටමෙසේමිලදීලගන්නාසහවිකිනෙන ඩෙමෙන්නිමගණන90000ක් පමණය. ලොව ප්‍රධානම ඩොමේන්නාම රෙජිස්ට්‍රියක්පවත්වාගෙනයන වෙරසයින්සමාගම (VeriSign Inc) කියන්නේ 2007අවුරුද්දේ අළුත් ඩොමෙන්නාමදොලොස් කෝටිඅසූ ලක්ෂයක් (මිලියන 128ක්) ලියා පිදිංචිවු බවයි. 2008වසරේදී මෙයමිලියන 170ක් වුණි.

මේ සියලු වෙළදාම්නිසා උපදිනවෙළදපොළ ඉතා දැවැන්තය. දැන් එය ඩොලර්කෝටි 200ක (බිලියන 2ක) වෙළදාමකි. 2010 වු වි මේ වෙළදාම ඩොලර්කෝටි 400ක් තරම් දැවැන්ත වෙනු ඇතැය, ඩොමේනර්ස් මැගසින් ( Domainer’s Magazine) සගරාව ප්‍රකාශ කර තිබුනි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"