Posts

හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු

Image
ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය.  දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත. හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ.  වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි.  මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ.  හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය. තවත් විස්තර මෙතැනින් Source : Me

Hutch 3G ලංකාව ආවරණයට සැරසේ

Image
බස්‌නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම  3G  ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු  1000  ක්‌ ඔස්‌සේ ලබාදීමට Hutch   ආයතනය සැළසුම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී තම  3G   සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදි. මේ වන විටත් මෙරට ජනගහණයෙන්   10 %  ක පමණ පිරිසක්‌ අන්තර්ජාලය පරිහරණය කරන අතර ශ්‍රී ලංකාව තුළ ස්‌ථාවර දුරකතන හා ජංගම දුරකතන ජාලයේ ප්‍රබල වර්ධනයක්‌ දක්‌නට ලැබෙන නමුත් අන්තර්ජාල භාවිතාව තවමත් මන්දගාමී තත්ත්වයක පවතින බවත් ,  Hutch   3G   සේවාව හඳුන්වාදීමත් සමග එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කරගත හැකි බව මේ සඳහා එක්වු    Hutch Telecom Lanka   ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටින ලදි. Hutch 3G  පැකේජ මිල ගනන් පහතින් බලන්න    Prepaid Postpaid HSDPA 7.2 Mbps (Downlink) HSUPA 5.76Mbps (Uplink) Source: Here

MS Paint වලින් ඔබ්බට...Paint.Net

Image
MS Paint යනු Photoshop,Corel Drow වැනි වැඩසටහන් තරම් ප්‍රභල  නොවුණත් එමඟින් යම් යම් අවස්ථා වලදී අපගේ කාර්යයන් සඳහා වැදගත් වන වැඩසටහනකි MS Paint වලට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් Photoshop,Corel Drow වැනි වැඩසටහන් වලින් කළ හැකි සමහරක් දේ පහසුවෙන් කරගත හැකි වැඩසටහනක් ලෙස Paint.Net හැදින්විය හැකිය එහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන වැඩසටනක් බැවිණි Windows XP සමඟ ක්‍රියාතමක කළ හැකි වන්නේ Service Pack 3 සමඟ පමණි...එසේම Windows Vista Service Pack 1 සමඟ  හා Windows 7 සමඟ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක පහත ඇති සබැඳියෙන් බාගත කර වෙනස වටහා ගන්න... Download Now වැඩිවිස්තර

කළුකුමකුට-සමාන-ඩයිනොසෝරයෙක්-ආජෙන්ටිනාවෙන්-හමුවෙයි-මේ-කුරුලූ-පරපුරේ-ආදීම

Image
අඩි අටක් උසැති, පියෑඹිය නොහැකි, මේ කුරුලූ විශේෂය වත්මන් කුරුල්ලන්ගේ ආදීමයා ලෙස සැලකිය හැකි යැයි විද්‍යාඥයන්ගේ අදහසයි. මෙසේ හමු වී ඇත්තේ වසර මිලියන 70ක් පැරණි පොසිලයක්. කළුකුමකුට සමාන මේ පොසිලය සමග බිත්තර පොකුරකුත් හමු වී තියෙනවා. ඒ නිසයි මේ සතා කුරුලූ මවක් හෙවත් කිරිල්ලියක් ලෙස හඳුනා ගෙන ඇත්තේ.  මේ සොයා ගැනීම ඩයිනොසෝරයන් කුරුල්ලන් බවට පත් වූයේ කෙසේදැයි තේරුම් ගන්න එක්තරා ආකාරයකින් උපකාර වේවි කියලයි විද්‍යාඥයන් කියන්නෙ. මෙම ඩයිනොසෝරයා හඳුනාගෙන ඇත්තේ බොනපාටෙන්කියුස් අල්ටිමස් Bonapartenykus ultimus කියායි.   සොයා ගත් ඩයිනොසෝර පොසිලය අනුව ඒ කුරුල්ලා කෙබඳු විය හැකිදැයි සිතා කළ චිත‍්‍රයක්.   වසර මිලියන 70ක් පැරණි වෙතැයි සොයා ගෙන ඇති ඩයිනොසෝර බිත්තර පොසිලයක්. මෙම අස්ථි කොටස් පර්යේෂණයට ලක් කරන පාෂාණිධාතු විද්‍යාඥ ෆ්නැන්ඩු නොවාස් කියන්නේ අලූත් ම පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් ‘වත්මන් ඩයිනොසෝරයන්’ වන කුරුල්ලන්ට ඇති නෑදෑකම පහදා ගන්නට හැකි වන බවයි. ”කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ අත් දඬු දික්වෙලා තියෙනවා. ඒ වගේ ම වේගයෙන් දුවන්න හැකි වන විදියට පාද විශේෂයෙන් සකස් වී තියෙනවා. ඔවුන්ගේ අත් මුලින...

වින්ඩෝස්-8-ඇප්ස්-ස්ටෝර්ස්-වඩාත්-පුලුල්වේ

Image
මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් ( France, Germany, India, Japan ,  US)    වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා  හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය. Source : Me

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල් ප්‍රමාණය ඔහුට සෑහීමට පත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ. සාමාන්‍යයෙන් ඉහල ශ්‍රේණිගත කිරීම් කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක කොන්ත්‍රාත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදෙනු ලැබුවත් ආබාධ හේතුවෙන් මාලිංග දැනට සහභාගී වන්නේ එක්දින තරඟ හා සීමිත පන්දු තරඟාවලි සඳහා පමණක් වන බැවින් එයින් ඔහුට හිමිවන්නේ 40% ක ප්‍රමාණයකි. නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලිග් තර්න්ගාවලිය අතරතුරදී මාලිංග උපයන මුදල ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ පළමු ක්‍රීඩකයා ලෙස මාලිංග වාර්තා වන අතර දැනට ඔහු විසින් අත්සන් කොට ඇති 2011/2012 ගිවිසුම මැයි මස 31 වනදායින් අවසන් වීමට නියමිතයි. අයි.පි.එල් තරඟාවලිය ඇතුලත ලසිත් මාලිංග ආබාධයට ලක්වූ අතර නැවත දිවයිනට පැමිණ සිටින ඔහු ඉදිරි සති ...

ගායක සතිෂ් පෙරේරා මෙලොව හැර යයි

Image
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොළොඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට එතුමා 43 වියේ පසුවිය  සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ. සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" "එගොඩහ යන්නෝ" ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ. අවමංගල කටයුතු පිලිබඳ විස්තර පසුව දැනුම්දෙන බව පවුලේ උදවිය සඳහන් කර ඇත. Source: Me