Posts

ලේඛකයා 1990 චශකයේදී ඇක්වයිනාස් විද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහුගේ ගුරුවරයකු වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලේඛකයාට නම මතක පරිදි රෝලන්ඩ් ද සිල්වා මහතා විස්තර කළ අත්දැකීමක් අද දිනමිණ පුවත්පත කියවීමත් සමග ඔහුට නැවතත් සිහිපත් විය.  ඉංග්‍රීසි බසින් විදේශ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවකු ලෙස ලිපි ලියූ සමයේ ඔහු නිරතුරුව ම ප්‍රතික්ෂේප සටහන් හෙවත් rejection slips ලැබූ බව එකී ජ්‍යේෂ්ඨ මාධයවේදියා කීවේ ය. විදේශ පුවත්පත් ලිපි තෝරා ගැනීමේදී ඒවායේ ගුණාත්මකබව මෙන් ම අදාළ ලිපිය එම පුවත්පතේ පාඨක අවශ්‍යතාවන්ට ගැලපේ ද යන්න නිරතුරුව ම සලකා බලන බව ද ඔහු කීවේ ය.  එබැවින් විදෙස් පුවත්පතක ලිපියක් පළ කර ගැනීම පහසු නැත. ඔහු පැවසූ කරුණක් ලේඛකයාට මතක පරිදි ඔහු ලංකාවේ නිදහස් උළෙල ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කර ‍රුපියල් පනහක් ඉපැයූ අතර, විදේශ පුවත්පතකට වාර්තා කර ඩොලර් පනහක් ඉපැයුවේ ය.  වරක් ඔහු තමන් අත එකතු වූ rejection slips පිළිබඳව ද ලිපියක් ලියා පළ කළ බව හේ සිහිපත් කළේ ය. ලේඛකයාට මෙම ජනමාධ්‍යවේදියා හමු වන විට ඔහු බ්ලූම්බර්ග් නම් ආර්ථික පුවත් නියෝජිතායතනයේ ...

කොළඹ කොටස් වෙළඳ පොලෙහි මේ දින වල සිදුවෙන අංක මැජික් වංචාව තාක්ෂණික ගේමක්ද?

Image
පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා. නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු. පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි. දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.  ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප ...

තමන්ගෙම "දරු උපතක්" තවදුරටත් සිහිනයක් නොවේ

Image
ලංකාවේ ජීවත් වන අපි ආශ්චර්‍යයන් ඔනැ තරම් අසා තිබෙන්නට පුලු වන්. නමුත් යථාර්ථවත් ආශ්චර්‍යයක්් දකින්න අහන්න පමණක් නොවේ. අත්විදින්නත් අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.දරුවන් අපිට සම්පතක්, ඒත් දරුවන් නොමැතිව දුක් විදිනි තරුණ අඹුසැමියන් අපේ රටේ කොපමණ ඇත්ද?  විවාහයට පත්වන කාන්තාවන්, පිරිමින්, ටික කලකට පසුව තමන්ගේම දරුවකු ගැන සිහින මවන්නන් බවට පත්වේ. නමුත් එය වසරින් වසර කල් යෑමත් සමග මුලින්ම අපහසුතාවයට පත් වන්නේ ගැහැණියයි. එය මේ සමාජ ක‍්‍රමය තුළ නිෂ්චිත වූ කි‍්‍රයාවලියකි. නමුත් එය සැබෑවටම ප‍්‍රශ්නයක් කල යුතු කරුණකි. එය ගැහැණිය පමණක් නොව පිරිමියාද තම ක‍්‍රියාවලිය තුළ අසාර්ථකභාවය පෙන්නුම්කර තිබෙන නිසාය.   ඉතිහාසයේ එක් දිනක ඔබට දරුපල නොමැති බවට වූ වාර්තා ලැබී තිබෙන්නට පු ලු වන. අනාගතයේදී යම් දිනක ඔබව එවැන්නක් බලාපොරොත්තු බිද වැටුනු වාර්තාවන් ලැබෙන්නේ නෑ යන්න කාට නම් කිව හැකිද?   නමුත් දැන් ඒ මහා බලාපොරොත්තුව ඉටු කළ හැකි ඇයෙකු මිහිපිට ඉන්නවා කීවොත් එය අතිශොක්තියක් නොවේ. වසර ගණනාවක් පුරා ඉතා සීරුවට කරන ලද පරීක්ෂන ගණනාවකට පසු ඉතිහාසයේ පොත්වල කියවා තිබූ දේශීය වෛද්‍ය පදනමේ භාවිත...

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!

Image
වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත්  උපකුලපති  තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ. යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ. යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ. විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ  අපේ රත්නායක මහත්තයා යි. මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.  එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක. රේඛීය විජේනායක ගේ ඔය රේඛීය කියන්නේ නම නෙමේ, ඒක නික් නේම් එකක් හෙවත් අන්වර්ථ නමක්. විජේනායකට රේඛීය කියන්නේ පොර නිතරම ගමන් කරන්නේ සරල රේඛාවල නිසයි. හැරෙන්න ඕනෑ වුණාම හැරිලා ආපහු සරල රේඛාවකම ගමන් කරනවා. ඒකට හේතුව ගමන් කරන දුර...

කිරිබාටි දූපතේ වැසියන් ෆුජි දූපතේ අක්‌කර හයදාහක්‌ මිලදී ගනී

Image
අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහල යාමේ හේතුවෙන් ගිලී යමින් බවතින පැසිෆික්‌ සාගරයේ පිහිටි කිරිබාටි දූපතේ වැසියන්ව ෆුජි දූපතේ පදිංචි කිරීමට එරට රජය පියවර ගෙන ඇත.ෆීජි රාජ්‍යයේ දූපතක අක්‌කර හයදාහක්‌ තම රජය විසින් මිලදී ගත් බව කිරිබාටි රාජ්‍යයේ ජනපති ඇනොට්‌ ටොන්ග් පවසා ඇත. කිරිබාටි රාජ්‍යයේ ජනගහනයන් 103,000 කි. ෆීජි දූපත පිහිටා ඇත්තේ කිරිබාටි දූපතට කිලෝමීටර් 2200 ක්‌ ඈතින් වන අතර සාගර ජලය ක්‍රමයෙන් ඉහළ යැම නිසා මෙම තීරණය ගත් බව කිරිබාටි රජය කියා සිටී. Source: here

එලිමහනේ අකටයුතුකම් පරිස්සමින්, ගූගල් බලාසිටිනවා විය හැකියි..........

Image
ගූගල් ආයතනය මෑතකදී හදුන්වාදුන් නව කොන්දේසි මාලව යටතේ භාවිතාකරන්නන් ගේ පෞද්ගලිකත්වයේ සිමා වඩාත් කුඩා වෙමින් පවතින බවටයි චෝදනා ලබමින් සිටින්නේ.අලුත්ම පුවතකට අනූව  ප්‍රංශ ජාතිකයෙකු වෙතින් යුරෝ 10,000 හානි වන්දියක් ඉල්ලා ගූගල් වෙත යොමුකල චෝදනාවක් ගැන කිය වෙනවා.මෙම පුද්ගලයා තම ගෙවත්තේ මුත්‍රා කරමින් සිටින ඡායරූපයක් ගූගල් හි "ස්ට්‍රීට් වීව් ඉමේජ්" යටතේ පලකර තිබීම තුලින් තමාට වූ හානිය වෙනුවෙනුයි එම වන්දිය ඉල්ලාසිටින්නේ. සුපුරුදු පරිදි ගූගල් ආයතනය එම පුද්ගලයාගේ මුහුන ආවරනය කොට තිබුනද තම ගම්මානයේ සියල්ලන්ම පාහේ එහි දැක් වෙන්නේ තමා බව හදුනා ගෙන ඇති බවත් ඔහු පවසා සිටියා. ගූගල් ආයතනය මීට පෙරත් නිරුවත් මිනිසෙක් සහිත දර්ශනයක් යුවලක් සිප වැලද ගන්නායුරු දැක් වෙන  ආදී දේ අඩංගු   දර්ශනයන් පලකිරීම තුලින් චෝදනාවට ලක්වී තිබුනා.                                 http://blogs.geegain.com/post/31142/visit

පොශ් අක්කාගේ දෙක........

Image
  කැටේ අරන් යනකොට අපි පාර දිගේ                  පාන්දරින් එයත් හිටියා බස් රථයේ මැදට වෙන්න              උජාරුවෙන් කොන්ඩේ වනලා ඇදලා හිටියේ වැඩි හරියක් ඇග   එලියෙන් සිනාසුනා මමත් ඉතින් ඇහැක් ගහලා කට           කොනකින් අම්මේ තාත්තේ අයියේ අක්කේ       බලන් පේරාදෙණියේ අපි ආවේ කැටේ       අරන් මාරුකාසි තියෙනව නම් අතට          අරන් දෙන්න අපිට බය නැතුවම පින්       පුරවන් තෙලක් ගහලා බස් එකටම      ඇඩෙන්නට කැටේ අරන් ආවා මම                ඉක්මනට ටිකෙන් ටිකම කිට්ටු උනා ඇය         ලගට එලිය බලන් හිටියා ඇය පොශ්...