ලේඛකයා 1990 චශකයේදී ඇක්වයිනාස් විද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහුගේ ගුරුවරයකු වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ ලේඛකයාට නම මතක පරිදි රෝලන්ඩ් ද සිල්වා මහතා විස්තර කළ අත්දැකීමක් අද දිනමිණ පුවත්පත කියවීමත් සමග ඔහුට නැවතත් සිහිපත් විය. 


ඉංග්‍රීසි බසින් විදේශ පුවත්පත්වලට නිදහස් මාධ්‍යකරුවකු ලෙස ලිපි ලියූ සමයේ ඔහු නිරතුරුව ම ප්‍රතික්ෂේප සටහන් හෙවත් rejection slips ලැබූ බව එකී ජ්‍යේෂ්ඨ මාධයවේදියා කීවේ ය. විදේශ පුවත්පත් ලිපි තෝරා ගැනීමේදී ඒවායේ ගුණාත්මකබව මෙන් ම අදාළ ලිපිය එම පුවත්පතේ පාඨක අවශ්‍යතාවන්ට ගැලපේ ද යන්න නිරතුරුව ම සලකා බලන බව ද ඔහු කීවේ ය. 


එබැවින් විදෙස් පුවත්පතක ලිපියක් පළ කර ගැනීම පහසු නැත. ඔහු පැවසූ කරුණක් ලේඛකයාට මතක පරිදි ඔහු ලංකාවේ නිදහස් උළෙල ලංකාවේ ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කර ‍රුපියල් පනහක් ඉපැයූ අතර, විදේශ පුවත්පතකට වාර්තා කර ඩොලර් පනහක් ඉපැයුවේ ය. 


වරක් ඔහු තමන් අත එකතු වූ rejection slips පිළිබඳව ද ලිපියක් ලියා පළ කළ බව හේ සිහිපත් කළේ ය. ලේඛකයාට මෙම ජනමාධ්‍යවේදියා හමු වන විට ඔහු බ්ලූම්බර්ග් නම් ආර්ථික පුවත් නියෝජිතායතනයේ සේවය කරමින් සිටියේ ය.


බටහිර රටවල පුවත්පත්වලට යමෙකු ලිපියක් යොමු කළ විට එය භාර නො ගන්නේ නම් ප්‍රතික්ෂේප කර ආපසු එවන සම්ප්‍රදායක් තිබේ. ලේඛකයා ද විදෙස් ප්‍රකාශනවලට ලිපි සපයා මෙවැනි rejection slips පමණක් ලබා තිබේ. ලංකාවේ පුවත්පත්වලට නම් එවැනි සම්ප්‍රදායක් හෝ ශිෂ්ටත්වයක් නැත.


මෙම කරුණු කීපය සඳහන් කරන්නට යෙදුණේ අද දිනමිණ පුවත්පතේ පළ වූ ලිපියක් කියවා ය. 


ලේඛකයා මේ දිනවල ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳ ස්වයං වාර්ණයක් පනවාගෙන සිටියි. 


එහෙත්, ලංකාවේ මිනිසුන්ට බටහිර ජාතීන්ගේ දුෂ්ටකම පෙන්වා දීමට යයි කියමින් ලංකාවේ ජනමාධ්‍ය අනුගමනය කරන ඇතැම් උපක්‍රම දුටු විට කතා නො කර බැරි ය. 


පහත පළ වන ලිපිය කියවන්න. මෙවැනි ලිවීම් පිටුපසින් ඇත්තේ ජාතියක මෝඩකම, අමනකම හා පිස්සුවයි.



ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙක් ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කර්තෘ ට යැවූ ලිපිය ආපසු එවලා

අමෙරිකාව මානව හිමිකම් රකින හැටිද මේ
මෙරට මාධ්‍යවේදියකු විසින් ඇමරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට සිය අත්අකුරෙන් ලියා යැවූ ලිපිය බාර ගැනීමට නොහැකි බවට පවසා ඇමරිකා රාජ්‍යයෙන් එම ලිපිය යළි එම මාධ්‍යවේදියා වෙත එවා තිබේ.
මෙහි ලිපිනය ඉංගි‍්‍රසි භාෂාවෙන් ලියා තිබියදීත් යළි හරවා එවීම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේදැයි එම මාධ්‍යවේදියා ප්‍රශ්නකර සිටී.
ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට පවසන ඇමරිකාව මාධ්‍යවේදියකු ඉංගී‍්‍රසි භාෂාවෙන් සිය අත්අකුරෙන් ලියා යැවූ ලිපිය නැවත එවීම කොතරම් සදාචාර සම්පන්න දැයි තවදුරටත් ප්‍රශ්නකර සිටී.මේ මගින් සියලු මාධ්‍යවේදීන්ට අපහාසකර ඇති බව ලිපිය යොමු කළ මාධ්‍යවේදී එඩ්වඩ් අරඹේවෙල මහතා පැවසීය.
ප්‍රධාන කර්තෘ, නිව්යෝක් ටයිම්ස් පත්‍රයට යන ලිපිනයට එම ලිපිය බීච් / 1/10 ද සොයිසා පෙදෙස, මොරටුව ශ්‍රී ලංකා යන ලිපිනය යටතේ යොමුකර තිබේ.
එම ලිපිය යළි හරවා එවීමේදී එම රාජ්‍ය විසින් ඇලවූ ලේබලයක්ද මෙහි ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බලන්නයි එම මාධ්‍යවේදියා මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටී.

Source: Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"