අළුත්-පරිගණක-ගැජට්-ගැන-දැනගනිමු-2

      තාක්ෂණයේ දියුණුවත් එක්කම එළි දැක්වුනු අපූරු ගැජට් කීපයක් ගැන පහුගිය ලිපි කිහිපයකිනුත් ඉදිරිපත් කලා මතක ඇති. පරිගණක, සන්නිවේදන හා විනෝදාස්වාද යන ආකාරයෙන් අපේ එදිනෙදා ජීවිතය පහසු කරවන මේ නව තාක්ෂණික උපාංගයන් නූනන තාක්ෂණික විස්මයන් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලන්න, මේ ගැජට් අතර ඔබ සොයමින් සිටි ආකාරයේ උපාංගයක් තියෙන්නත් බැරිකමක් නෑ...




එක හතර කරන USB බූවල්ලා



      මේක අමුතුවට පෙනුනට අපිට ගොඩක් හුරු පුරුදු USB හබ් එකක්ම තමයි. මේ අපූරු උපාංගය මගින් එක් USB ස්ලොට් එකක් පමණක් භාවිතා කර USB උපාංග හතරක් සම්බන්ධ කරන්න පුළුවන්. USB පෝර්ට් 2 ක් වැනි අඩු ප්‍රමාණයක් ඇති පරිගණක සඳහා මේ වගේ උපාංගයක් ගොඩක් ප්‍රයෝජනවත්. අනෙකුත් USB හබ් සමග බලනවිට මේ උපාංගයේ ඇති විශේෂතාවය තමයි මෙහි අඩංගු කේබල් හතර අපට වුවමනා පැත්තකට හරවා ගන්න පුළුවන් කම. ඒ නිසා අනෙක් හබ් වල මෙන් සොකට් එක ඇති දිශාවටම USB කේබලය අමුණන්න වුවමනා වෙන්නේ නෑ. මේ උපාංගයේ මිල ඩොලර් 10 ක් පමණයි...


USB ලැප්ටොප් ස්පීකරය


ලැප්ටොප් පරිගණකයක් සමග සාමාන්‍යයෙන් එන ස්පීකරය උසස් ශබ්ද රසයක් ගෙන එන්නේ නෑ. ඒ සඳහා විසඳුමක් විදියට තමයි මේ USB ලැප්ටොප් ස්පීකරය නිපදවලා තියෙන්නේ. වෙන කිසිම රැහැනක් අමුනන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ස්පීකරය USB සොකට් එකට අමුණන්න විතරයි වුවමනා වෙන්නේ. ඒ සැනින් ඔබට ඔබේ ප්‍රියතම ගීතය හොඳ ගුණාත්මක ශබ්ද රසයක් එක්ක රස විඳින්න පුළුවන්. මෙහි බඳ අවශ්‍ය පරිදි හැඩකර ගත හැකි නිසා ස්පීකරය අපට අවශ්‍ය දිශාවකට පහසුවෙන්ම හරවා ගත හැකියි. මේ උපාංගයේ ඇති විශේෂතාවය තමයි සවුන්ඩ් කාඩ්පතශබ්ද වර්ධකය (Amp) සහ ස්පීකර් යන සියල්ලම එකම උපාංගයක් තුල අඩංගුව තිබීම. මේ නිසා වුවමනා තැනක,ඕනෙම පරිගණකයකට අමුණා ඒ සැනින් ශබ්ද රසය විඳින්න පුළුවන්. මේ සියල්ලටම බලය ලබා ගන්නේ USB පෝර්ට් එකෙන් නිසා ඒ ගැන වදවෙන්න ඕනෙත් නෑ. මෙහි අඩංගු ස්පීකර් දෙක සඳහා වෙන වෙනම ඈම්ප්ස් භාවිතා වන නිසා ශබ්දයේ ගුණාත්මක භාවය වැඩියි. ඒ වගේම සද්දෙත් වැඩියි...


ඕනම ජාලයකට එක් කේබලයක්

මේ කියන්නේ නෙට්වර්ක් ආශ්‍රිතව වැඩ කරන අයට හොඳ ආරංචියක්. එක් එක් ජාල (නෙට්වර්ක්) වල වැඩකරද්දී අපට මුහුණ පාන්න වෙන ප්‍රශ්ණයක් තමයි එක් එක් ජාල වර්ග වලදී භාවිතා වෙන්නේ එක් එක් වර්ගයේ වෙනස් නෙට්වර්ක් පෝට් වීම. ඉතින් එකෙන් එකට වෙන වෙනම කේබල් භාවිතා කරන්න වෙනවා. මේ කරදරයට විසඳුමක් විදියට තමයි මේ All-in-One නෙට්වර්ක් කේබල් එක ඇවිත් තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ අවශ්‍ය ජාල වර්ගය තෝරා මේ කේබල් එක මැද ඇති රවුම කැරකැවීම පමණයි. මේ සම්බන්ධය තුල ජාල පහක් සදහා අවශ්‍ය සැකසුම් අඩංගුයි.


විවිධ USB උපාංග සම්බන්ධ කරන මැජික් කේබලය

වර්තමානයේ තාක්ෂණික ලෝකයේ ජනප්‍රිතම සම්බන්ධකය වන්නේ කුමක් දැයි ඇසුවහොත් නිතැතින්ම මතකයයට එන්නේ USB සොකට්ටුවයි. දත්ත හා ආරෝපනය යන ක්‍රම දෙකටම මේ සම්බන්ධකය භාවිතා වේ. විවිධ උපාංග වල අඩංගු වන්නේ එක් එක් ආකාරයේ USB සම්බන්ධකයි. වර්තමානයේ බහුලවම භාවිතා වන micro USB, mini USB සහ Apple 30-pin සම්බන්ධය යන ආකාර තුනම එකම කේබලයකින් USB සම්මත සොකට්ටුවට සම්බන්ධ වන Innergie Magic Cable Trio මගින් එක් එක් උපාංගය සඳහා වෙන වෙනම කේබල් තබා ගැනීමේ කරදරයෙන් ඔබ නිදහස් කරයි.

මේ මැජික් කේබලයේ විශේෂත්වය වන්නේ මෙහි ඇති එකිනෙකට වෙනස් අග්‍ර තුන ගලවා ඉවත් කර නැවත සවි කල යුතු නොවීමයි. ඒවා සකසා ඇති විශේෂ ආකාරය නිසා අවශ්‍ය අග්‍රය පමණක් නිරාවරණය කරගෙන අපේ කාර්යය සිදු කරගත හැකියි. එහිදී අනෙක් අග්‍ර දෙකද කේබලය සමගම රැඳී තිබෙන නිසා ඒවා අස්ථානගත වීමද වැලකේ... සෙන්ටිමීටර් 20 ක් දිගග්‍රෑම් 15 ක් පමණක් බරැති මේ මැජික් කේබලයේ මිල ඩොලර් 20 ක්...


අපූරු හුරුබුහුටි කියුබ් MP3 ධාවකය



ඔබේ ප්‍රියතම ගීත එකතුව ශ්‍රවණය කිරීම සඳහා පෙරදී නම් අනිවාර්යයෙන්ම MP3 ප්ලේයරයක් මිලට ගත යුතුව තිබිණි. නමුත් දැන් උසස් බහුමාධ්‍ය හැකියාවන්ගෙන් යුත් ජංගම දුරකථනටැබ්ලට් හා වෙනත් ජංගම උපාංග නිසා MP3 ධාවක අත්‍යාවශ්‍ය නොවන තැනට ලෝකය පැමිණි ඇත. එහෙත් තවමත් iPod Nano වැනිඋසස් නිමාවකින් යුත්MP3 ධාවක වලට හොඳ ඉල්ලූමක් තිබේ. ඒ අවශ්‍යතාව වටහා ගනිමින් නිපදවා ඇති අපූරු ප්ලේයරයක් ලෙස Kube 2 හඳුන්වා දිය හැකියි.

මෙය අඟලක වර්ගඵලයක් ඇති ඝණකයකි. දාදු කැටයක හැඩයෙන් යුත් මෙහි හෙඩ්ෆෝන් සොකට්ටුවක් හා SD මෙමරි කාඩ් පත සඳහා විවරයක පමණක් අඩංගුව තිබේ. මේ Kube 2 ප්ලේයරයේ ඉහළ මුහුණත ස්පර්ශ සංවේදී වන අතර ගීත අතර මාරු වීම මෙන්මශබ්දය පාලනය කිරීමද ඒ මගින් සිදුකල හැකියි. මේ අපූරු ගීත ධාවකයේ මිල ඩොලර්35 කි...
  


මාසයකට සෑහෙන ජංගම බලාගාරය



එදිනෙදා ජීවිතයේදී අපට භාවිතා කරන්නට සිදුවෙන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රමාණය අනුව බැලු විට දිනපතා සෑහෙන විදුලි බලයක් ඒවා සඳහා වැය වන බව පැහැදිලිවේ. විදුලිය නොමැතිව මේ කිසිදු උපාංගයකින් ප්‍රයොජනයක් නොමැත. බැටරි බැස ගිය කැමරාවකින් හෝ අවශ්‍යතාවයකට ඇමතුම් ගත නොහැකි ජංගම දුරකථනයකින් ඒ සම්බන්ධ අත්දැකිම් ඔබටත් තිබෙනු ඇති. වඩ වඩාත් අප මේ අපහසුතාවයට පත්වන්නේ චාරිකාවක යෙදෙන විටයි. අපේ  උපාංග ආරෝපණය කර ගැනීම සඳහා විදුලි බලය සපයා ගැනීම ප්‍රශ්ණයක් වන අවස්ථාවන්ට පිළියමක් වශයෙන් තමයි මේ iGeek උපාංගය පැමිණ තිබෙන්නේ.

ධාරිතාවය  9,900mAh වන iGeek ජංගම බල පද්ධතිය ඉතා කුඩාවට නිමවා ඇති නිසා ජංගම භාවිතයට කදිමයි. ඇම්පියර් 1 හා 2 ලෙස USB සොකට්ටු දෙකක් මෙහි අඩංගුයි. ඔබගේ අයි-ෆෝනය මගින් පැය 50 ක් වීඩියෝ නැරඹීමට මෙහි බලය ප්‍රමාණවත්. USB මගින් බලය ලබාගන්නා සාමාන්‍ය උපාංගයකට නම් මෙහි බලය මාසයකට පමණ ප්‍රමාණවත් වන බවයි පැවසෙන්නේ. මේ බල උල්පත ඔබේ කරගන්නට ඩොලර් 62 ක් වියදම් කරන්නට වෙනවා...


Read more: http://chathucn.blogspot.com/2012/06/2.html#ixzz1ygeshi00
Under Creative Commons License: Attribution Non-Commercial No Derivatives

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"