දෙවන කොටස

මේව කරන්න ඔන ඔයා ඇඩ්සෙන්ස් ගිණුම ගත්තු ගමන්. සමහර විට ඔයාල හිතනවා ඇති මම ලංකාවේ අයට බනිනව කියලා. නැහැ මට එහෙම උවමනාවක් නැහැ. ඒත් අපේ යාළුවෝ සමහර අයගේ ඇඩ්සෙන්ස් ගිණුම් ඩිසේබල් කරන්නම නරක විදියට ක්‍රියාත්මක වෙලා තියනාවා. ඒ තත්වය ඇත්තටම දුක්කණියයි. මොකද එයාලත් දන්නවා කොච්චර දුක් විදලාද ඇඩ්සෙන්ස් ගිණුමක් ගන්නේ කියලා.  මේ කාරනේ මෙතනින් මම ඉවර කරනවා.


මිලග කාරනේ තමයි ඔබේ ඇඩ්සෙන්ස් ගිණුමට කාලයක් ගියාට පස්සේ impressions ගන්න ක්‍රම අනු ගමනය කල යුතුයි.  මෙය අඩුම මසතට පසු ක්‍රමයෙන් වැඩිකරන්න ඒ කිව්වේ ගුගල්ට නොදැනෙන ලෙස. ක්‍රමයෙන් කරන්න. (ඔයාලා දන්නවා ෆේස්බුක් ෆැන්පේජ් එකකට උනත් ෆිපන්සර් මගින් ගානක් දිලා ලයික් ගත්තම එකපාරටම සතියක්න් දෙකෙන් ලයික් ටොන් ගානක් ලැබුනම එම ගිණුම ෆේස්බුක් මගින් බෑන් කරලා දමනවා. ) එම නිසා ක්‍රමයෙන් විසිටර්ලා ගෙන්න ගන්න. සර්ච් එන්ජිමෙන් කියන තරම් ගන්න අමාරුයි. ඒක නිසා ට්‍රැෆික් මිලදි ගන්න පුළුවන්. නමුත් බක්ස් වගේ ඒවනම් හිතන්නවත් එපා. එම ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගුගල් හොදට දන්නවා. විසිටර්ලා ගෙන්න ගන්න ට්විටර් සහ ෆේස්බුක් ෆැන් පේජ් එක හොදයි.  එයින් එන  විසිටර්ලා ඇඩ්සෙන්ස් කිසිසේත්ම බැන් කරන්නේ නැහැ. ෆේස්බුක් එකේ ඇඩ් එකක් දැමිම.  ට්විටර් මගින් ලින්ක් එක සමග විස්තර දැමිම.  මෙම ක්‍රම දෙකට අමතරව ගුගල් ඇඩ්වර්ඩ් වල ඇඩ් එකක් දැමීම. ඇඩ්බ්‍රයිට් ඇඩ්පෝලාර්, ගීගේන්. චිටිකා ඇඩ් දැමීම. කරන්න පුළුවන්.

මේ ක්‍රමයන්ට ටිකක් මුදල් වියදම් වෙනවා ඉතින්. ෆේස්බුක් ඇඩ් දමන්නම් ඔය ෆේස්බුක් ක්‍රෙඩිට් ටිකක් එකතු කරගන්න. කපෝන් එහෙම හොයා ගන්න පුළුවන්.  මමනම් පෟද්ගලිකව ෆේස්බුක් ගේමක් අල්ලලවත් නැහැ. මොනව කරන්නද? වෙලාව කනදෙයක් කියලා හැමෝම කියන නිසා ඒ දිහාවත් බලලා නැ. ඒත් එම ගේම් ගහද්දි එකතු කරගන්නා ක්‍රෙඩිට් පුළුවන්නම් ඇඩ් දමන්න යොදාගන්න ගේම් ගහන්න. එතකොට තේරුමක් තියෙනවා ඒකෙත්. J

Twitter timeline එක බාවිතා කරන්න. ඒ හරහා පිටරට විසිටර්ලා ගෙන්න ගන්න පුළුවන.  ඒවගේම යූටියුබ් එකේ විඩියෝ දමද්දි ඔය සුද්දෝ විඩියෝ දමනවා වගේ ඔයාගේ වෙබ් ලිපිනයත් එක්ක ඒක දමන්න.  
ඔය කිව්වේ ඔන්ලයින් පබ්ලිෂිං ගැන. ඔෆ්ලයින් පබ්ලිෂිං කරන්නත් පුළුවන. ඒකිව්වේ අපේ ගොඩක් අ‍ය දැන් විජය පරිගණක සගරාවෙත් ඇඩ්දමනවා. ලුහුඩු දැන්විම්  දමනවා. රු350ක් විතර දමලා තියනවා.  එම ක්‍රම බාවතා කරනවා අපේ ගොඩක් අය. ඒවගේම අපිට ස්වර්ණවාහිණි එකේ අර යටින් දමන ඇඩ් එකක් දමන්නත් පුළුවන්. එහිදි අඩුවෙන් මුදල් වැය වෙන වේලාවල් තෝරාගෙන ඇඩ් එකක් දමන්නත් පුළුවන්.  ඒ වගේම තරුණයා පුවත්පතේ ඇඩ්දැමිම සමහර ලොකුවෙබ් අඩවි හිමියන් කරනවා. මෙහිදි මම කියපු තරුණයා සහ පරිගණක කියන්නේ මෙම වෙබ් අඩවි සහ තාක්ෂණික දේවල් වැඩිපු බාවිතා කරන අය බාවිතා කරන පුවත් පත් දෙකක් නිසා එහි ප්‍රතිඵල වැඩි වෙනවා. (ඇත්තටම මම දැකලා තියනවා ගොඩක අය මෙම වෙනත් මාධ්‍යන්ගේ නම් කියන්නේ නැහැ තමන්ගේ ලිපි තල. නමුත් මම මේවායේ නම් කෙලින්ම කිව්වේ මේවා ගැන හිත ගන්න අමාරු අයට කෙලින්ම ඒ වෙත යොමු විමේ පහසුව සදහායි.. ඒවගේම මෙම හැම ක්‍රමයක්ම 100%ම හරි කියා කියන්නේ නැහැ. මම ඒවා ඔක්කොම බාවිතා කරලත් නැහැ. මම කියන්නේ තමන්ගේ ක්‍රමය තමන් තෝරා ගන්න කියලා විතරයි. ඒ කියන්නේ තමන් ජිවත්වෙනනේ තමන්ගේ ස්ටයිල් එකකටනේ. ඒකනම් මම හොදටම අනු ගමනය කරනවා. මම ජිවත්වෙන්නේ මගේම ස්ටයිල් එකකට. කව්රු මොනව කිව්වත් ඒ මගේ හැටි. හරි ඕවා වැඩක් නැ මෙතනට හැම කෙනෙකුටම තමන්ගේ සටයිල් එකක් ඒ කිව්වේ අනන්න්‍යතාවයක් තියෙන්න ඕන. ඕකේ...)

හරි දැන් ඉම්ප්‍රෙෂන්ස් මෙම ක්‍රම වලට ලබා ගන්න. මීට අමතර ඒවා ඇතිනම් කමෙන්ට් වලට දමල‍ අපේ අය සමග බෙදා ගන්න.. මීලගට අපි බලන්න ඕන ක්ලික්ස් ගන්න හැටියි. මෙහිදි ක්ලික්ස් කිව්වට ගොඩා...ක් ක්ලික්ස් නෙවෙයි.. හොදම ප්‍රමානය %5ක් වගේ කියලා තමයි කියන්නේ.  ඒ කියන්නේ 100 දෙනෙක් අවොත් 3ක් හො 4ක් ක්ලික් තිබ්බම හොදටම ඇති. එම එක ක්ලික් එකක වටිනා කම තිරනය වන්නේ එම ඇඩ් එක දැමු ඇඩ්වර්ටයිසර් ඇඩ්එකට ගෙවන ගාන අනුව තමයි ඇඩ්සෙන්ස්ලා අපේ ගාන තිරණය කරන්නේ.  මෙහිදි ඉතින් ලොකු ගානක් ක්ලික් එකකට ගන්නනම් හොද කිවර්ඩ් බාවිතා කරන්න වෙනවා. කිවර්ඩ් එකක් $5ක් වගේ දිලා ගන්නපුළුවන්කියනවා. ඒවායේ සාර්තකත්වය මම ටෙස්ට් කරලනම් නැහැ. ඒත කරපු අය ඉන්නව.  අපි ම‍ාතෘකාවට ගියොත් අපේ ඇඩ් කිසිවෙක් කිලික් කරන්නේ නැත්නම් අපට පුළුවන් පොඩ් උපක්‍රමයක් බාවිතා කරන්න. ගොඩක් අය මේවා කරනවා. (මම හිතන්නේ දක්ෂින ලංකා එකේ තිබෙන දිනකට රු2000ක් කියලා දමලා තියන ඇඩ් එක යන්නෙත් මෙහෙම වෙන්න ඇති. මට හිතෙන විදියට. ඒක නරකයි හෝ එය කරන්න එපා කියලා මම කාටවත් කියන්නේ නැහැ. එය මතක තියා ගන්න ඒ සම්බන්ද කවුරු හරි මේ ලිපිය බලනවනම්) මම කියන්න ගියේ සල්ලි දිලා මෙම ක්ලික්ස් ගන්න ක්‍රමයක් ගැනයි. අපි හැමෝම දන්නවා මයක්‍රෝවර්කර්, මිනට්වර්කර්, මයිඉසිටාස්ක් කියන සයිට්වල අපේ ජොබ් එකක් දමලා අපට පුළුවන් අපේ දැන්වීම් ක්ලික් කරවා ගන්න.  මෙහිදි මෙම කිලික්ස් ඇමෙරිකාවේ ඉන්න අයලවා ක්ලික් කරවා ගන්න පුළුවන්. ඇමරිකාවේ අයට නම් එක් අයකුට අවම $0.35 කට වගේත් ඉන්ටර්නැෂනල්නම් ශත $0.10 කට ක්ලික්ස් ගන්න පුළුවන. නමුත්  මෙතනදි මතක තියා ගන්න ඔන දෙයක් තමයි ඔබේ වෙබ් ලිපිනය එම ජොබ් තුල දමන්න එපා . එතකොට වැ‍ඩේ ගුගල්ට මාට්ටුයි. මොකද රෙෆ්සයිට් යටතට ඔබේ ස්ටේටස්යටතට මෙම සයිට් එකෙන් එන විසිටර්ලා පෙන්නවා. ඒවගේ කෙනෙක් ඇවිත් ක්ලික් කලොත්  ඇඩ්සෙන්ස් Specialist ලා එය හොද සාක්ෂියක් ලෙස තබා ගන්නවා. එය හොදනැත දිගටම මෙය වුනොත් ඩිසේබල් තමයි.  ඒක නිසා මෙම විසිටර් එන්න ඕන සර්ච්එන්ජිම හරහා අපදෙන වචකයක් හොයලා එන ප්‍රතිළුල ක්ලික් කරලා. නත්නම් අපේ ෆේස්බුක් ‍ෆැනපේජ් එකේ සිට ටිවිටර් ගිණුමේ සිට . නැත්නම් වෙනත් සයිට් එකකට ගොස් එහි කමෙන්ට් එකක් ක්ලික් කරලා අපේ සයිට් එකට ඇවිල්ලා . Bookmarking සයිට් එකක් ක්ලික් කරලා. ඉන්පසු සයිට් එකට ආපුගමන්ම ක්ලික් කිරීම වලක්වීම සදහා අපේ ලිපි සදහා කමෙන්ට් එකක් දමන්න හෝ ෆෝරම් එකක්නම් ත්‍රීඩ් එකක් එහෙම දමන්න කියලා ජොබ් එක සබ්මිට් කරන්න. ඊලගට ඔබට ලබාදෙන ඇඩ් මොනවගේ සයිට් වලින්ද යන්න දන්නවනම්. ඇඩ් ක්ලික් කරපුවහම එන සයිට්වල ලියා පදිංචි වන්න කියා සබ්මිට් කරන්න. එම විස්තර පෘෆ් එක ලෙස ගන්න අමතක කරන්න එපා. ඒවගේම එය එසේ කරන්නේ ඇඩ් එකතුල විනාඩි 3ක් 2ක් ඉන්න කිව්වාට එය කරන්නේ නැතිනිසා. ඇත්තටම මම උනත් ඒක කරන්නේ නැහැ. නමුත් එක අල්ලන්න අමාරුයි.  ඒක නිසා ඇඩ්එක තුලි විනාඩි 3ක් ඉන්න කියන එක සාර්තක නැහැ.  හරි ඒවිදියට ක්ලික්ස් සල්ලි දිලා ගන්න..  

මීටවඩා සාර්තකයි මුදළුතු ඉතුරුයි ඔබගේ දැන්වීම් වෙබ් අඩවියේ ඇති කන්ටෙන්ට්වලට අදාලවම තිබෙනවනම්. එවිට නිකම්ම ක්ලික් කරනවා..

හරි මේ විදියට ඇඩ්සෙන්ස් ගිණුම් හදාගෙන මේවිදියට ක්ලික්ස් සහ ඉම්ප්‍රෙෂන්ස් ලබාගෙන ඔබගේ ඇඩ්සෙන්ස්  ගිණුමෙ ඉපයුම් වැඩිකරගන්න පුළුවන්. ඒවගේම ඇඩ්සෙන්ස් සිකුරිටි වලින් බේරි ඉපයුම් වැඩිකර ගන්න පුළුවන්.





(මෙම ලිපිය අස්සේ කියවුනු සමහර දේවල් කාටවත් කියන්න එපා කියලා ඇඩ්සෙන්ස් ගිණුම් දැනට හොදරාමෙට කරන අය වගේම ඇඩ්සෙන්ස් ගිණුම් අනුන්ට හදලා දෙන අය කියනා කාරනා. මොකද උන් ඒව දැන ගත්තේ පට්ට කට්ට කාලා. සල්ලි දාස් ගනන් වියදම්කොරලා දුක් විදලා විදලා නිසා. ඒක නිසා එයාල මගෙත් එක්ක ඇන්ග්‍රි වෙන්න එපා. නමුත් මේක බොහෝදෙනෙකුට ඇති ප්‍රශ්ණයක් )

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"